සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා - බෙලරුස් පළමු ආර්ථික හා වෙළඳ ඒකාබද්ධ කොමිසම රැස්වේ Featured

    ජූලි 10, 2014
    ශ්‍රී ලංකාව හා බෙලරුස් (Belarus) ජනරජය අතර වෙළඳ කටයුතු නංවාලීමේ අරමුණ ඇතිව පිහිටුවා ගනු ලැබූ වෙළඳ හා ආර්ථික ඒකාබද්ධ කොමිසමේ පළමු සැසිවාරය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ඊයේ (09) ආරම්භ විය.
     
    බෙලරුස් ජනරජයේ නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය වැලන්ටීන් බී. රිබෙකොව් (Valentin B. Rybakov) හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹි මෙම ඒකාබද්ධ කොමිසමේ පළමු සැසිවාරයේදී දෙරට අතර වෙළෙඳ කටයුතුවලදී පැනනගින ගැටලු හා නව වෙළෙඳ හා ආයෝජන අවස්ථාවන් පිළිබඳ ව පුළුල් ලෙස අවධානයට ලක් කිරීමට බලාපොරොත්තු වේ.
                                 
    මෙහිදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ 2015 ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක වීමට නියමිත යුරෝසියන් ආර්ථික සංගමයේ (Eurasian Economic Union - EEU) සාමාජික රටක් ලෙස බෙලරුස් ජනරජයට ආසියානු වෙළෙඳපොළට පිවිසීමට ශ්‍රී ලංකාව හොඳ පිවිසුම් මාර්ගයක් වනු ඇති බවයි.
     
    "දීර්ඝ කාලයක් තිස්සේ බෙලරුස් ජනරජය ශ්‍රී ලංකාව සමඟ වෙළෙඳ කටයුතු පවත්වාගෙන ගියත් දෙරට අතර සිදු වූ විදේශීය වෙළඳාමේ වර්ධනයක් දැකිය හැකි වූයේ ඉතා මෑත කාලයකදීයි. ශ්‍රී ලංකාව අපනයන සිදුකරන රටවල් 231 අතරින් 77 වන ස්ථානය තමයි බෙලරුස්වලට හිමි වන්නේ. 2013 දී ඇ.ඩො. මිලියන 14.24 ක ද්විපාර්ශවික වෙළෙඳ අගයක් තමයි වාර්තා වුණේ. ඒ නිසා ශ්‍රී ලංකාවට බෙලරුස් වෙළෙඳපොළ තවමත් ඉතා නැවුම් වෙළෙඳපොළක් ලෙස සැලකිය හැකියි".
     
    2013 අගෝස්තු මාසයේදී ජනාධිපති මහින්ද මහින්ද රාජපක්ෂ මහතා හා බෙලරුස් ජනපතිවරයා අතර ඇති කර ගත් වෙළඳ ගිවිසුම් දෙරටේම වෙළෙඳ හා ආයෝජන කටයුතු සඳහා මහඟු පිටුවහලක් වූ බවද 50 කට අධික ආයෝජන ව්‍යාපෘති රැසක් බෙලරුස් ආයෝජකයන්ගේ තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කර ඇති බවද බදියුදීන් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.
     
    මෙම අවස්ථාවට සහභාගී වූ කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා අදහස් දක්වමින් බෙලරුස් ආනයනකරුවන්ට තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ 3520ක් වූ අපනයන භාණ්ඩ ඇති බවත් මේ වන විට ඔවුන්ගේ ප්‍රධාන තෝරා ගැනීම වී ඇත්තේ ලොව සුපතළ සිලෝන් ටී බවත් ප්‍රකාශ කළේය. 
     
    දෙදිනක් පුරා පැවැත්වෙන මෙම ඒකාබද්ධ කොමිසමේදී ආනයන හා අපනයන බදු සහන ලබා ගැනීම, දෙරටේ පැවැත්වෙන වෙළෙඳ ප්‍රදර්ශන, අපනයන ප්‍රවර්ධන වැඩසටහන්, ඒකාබද්ධ ආයෝජන අවස්ථාවන්, මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකාර්මික, ධීවර, විද්‍යා හා තාක්ෂණික, සංචාරක, සෞඛ්‍ය යන ක්ෂේත්‍රයන්හී සහයෝගීතාවයන් පිළිබඳ ව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
     
    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා බෙලරුස් තානාපති, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අනුර සිරිවර්ධන, අතිරේක ලේකම් (වාණිජ) ශීතා සේනාරත්න, වාණිජ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කුමාරරත්න, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති බන්දුල එගොඩගේ යන මහත්ම මහත්මීන් ඇතුලු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් රජයේ ඉහළ නිලධාරීහු රැසක් සහභාගී වූහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya