අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විනිසුරුවන්ට විද්‍යුත් දත්ත ගබඩාවක් හඳුන්වා දෙයි

    අගෝස්තු 12, 2017

    සෑම විනිසුරුවරයෙකුටම ලෝකයේ ඕනෑම ස්ථානයක සිට තම විද්‍යුත් සන්නිවේදන උපකරණ තුළින් අවශ්‍ය නීතිමය කරුණු අධ්‍යයනය කිරීමට හැකි විද්‍යුත් දත්ත ගබඩාවක් හඳුන්වාදීම (SLJI NET) ඊයේ (11) සිදු කෙරිණි.

     ශ්‍රී ලංකා විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනයේ නිර්මාතෘ හිටපු විනිසුරු ජේ.එෆ්.ඒ.සෝශා  මහතාගේ (J.F.A. Soza)දෙවන අනුස්මරණ දේශනය ද මීට සමගාමීව පැවැත්විණි.

    අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවයය ශ්‍රී ලංකා විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනයේදී සිදු කෙරිණි.

    මෙහිදී ජනාධිපති නීතිඥ K.Kang-Isvaran මහතා විසින් හිටපු විනිසුරු ජේ.එෆ්.ඒ.සෝශා (J.F.A. Soza) දෙවන අනුස්මරණ දේශනය පැවැත්විය.

    අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ,අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් මෙහිදී අදහස් දැක්වීම සිදු කළ අතර , උත්සවයේ පිළිගැනීමේ කථාව ශ්‍රී ලංකා විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ විනිසුරු රුවන් ප්‍රනාන්දු මහතා විසින් සිදු කළේය.

    JUDGES JURNEL iv වෙළුම එහි කර්තෘ ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රශාන්ත ද සිල්වා මහතා විසින් පිළිගැන්වීම සිදු කරන ලදී.

    SLJI NET හරහා දත්ත ගබඩාවට ඇතුළත්වීම තුළින් නීතිමය කරුණු අධ්‍යයනය කිරීමේ හැකියාව මෙරට විනිසුරුවරුන්ට මේ තුළින් හැකියාව ලැබේ.
    මෙම අවස්ථාවට නීතිපති ජයන්ත ජයසුරිය, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු L.T.B.දෙහිදෙණිය, යන මහත්වරුන් USAID ආයතනයේ නියෝජිතයින් විනිසුරුවරුන් නීතිඥයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya