ඒ අනුව මේ මස 12 වන සෙනසුරාදා දින පෙ.ව.8.00 ට පුනක්කරි ප්‍රාදේශිය මහ ලේකම් කොට්ඨාස ජනතා සේවය එම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන අතර කරච්චි ප්‍රාදේශිය මහ ලේකම් කොට්ඨාස ජනතා සේවය මේ මස 13 වන ඉරිදා දින පෙ.ව.8.00 ට එම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.
මෙහීදී ජනතාවගෙන් කිසිඳු මුදලක් අය කිරීමෙන් තොරව උප්පැන්න සහතික සහ ජාතික හැඳුනුම්පත් ලබාදීම, නොමිලේ පවත්වන වෛද්‍ය සහ අක්ෂි සායන සේවාවන්, රියදුරු බලපත්‍ර ලබාදීම,සමෘද්ධි දීමනා, වැඩිහිටි දීමනා, විශ්‍රාම වැටුප් දීමනා සහ රජය මගින් ලබා දෙන අනෙකුත් දීමනා සම්බන්ධ ගැටලු නිරාකරණය, ඉඩම් හිමිකම් ගැටලු, බලපත්‍ර ගැටලු විසඳීම සහ ඉඩම් ඔප්පු ලබාදීම, ගොවි, කම්කරු ගැටලු සඳහා විසඳුම් සහ ස්වයං රැකියා අවස්ථා හඳුන්වාදීම ඇතුළු ජනතා හිතවාදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ.
මෙම අවස්ථාවේදී ප්‍රතිලාභීන්ට ඇස් කණ්ණාඩි, ඉඩම් ඔප්පු, ගැබිනි මවට උත්තම පූජා වැඩසටහන යටතේ පෝෂණ මුද්දර, සමෘද්ධි ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ උපකරණ ලබාදීම්, රෝද පුටු, කිහිලිකරු, අත්වාරු ඇතුළු තවත් ප්‍රදානයන් රැසක් සිදු කිරීමට නියමිතය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකත්වයෙන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරනු ලබයි.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ නිල මෙහෙවර ජනතා සේවයේ පළමු සහ දෙවන වැඩසටහන් පොළොන්නරුව හා ගාල්ල දිස්ත්‍රික්කයේදී ඉතා සාර්ථකව අවසන් විය.