මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද අර්ධ චන්ද්‍රග්‍රහණයක් Featured

    අගෝස්තු 07, 2017
     
    අද (07) අර්ධ චන්ද්‍රග්‍රහණයක් දර්ශනය වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතිකවිද්‍යා අංශයේ තාරකාවිද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකය සඳහන් කරයි.
     
    මෙම චන්ද්‍රග්‍රහණයේ ආරම්භය අද රාත්‍රී 09.20ට සිදුවන අතර ග්‍රහණ අවසානය 08දා අළුයම 02.21ට සිදු වේ. ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට ද යුරෝපය, අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් බොහෝමයකට ද මෙම චන්ද්‍රග්‍රහණය දිස්වනු ඇත.
     
    පියවි ඇසට චන්ද්‍රග්‍රහණය දිස් වේ. චන්ද්‍රයා, පෘථිවියේ වඩා අදුරු වූ පූර්ණ ඡායාව තුළින් ගමන් කිරීම අරඹන අවස්ථාව අද රාත්‍රී 10.53ට උදාවන අතර චන්ද්‍රයා පූර්ණ ඡායාවෙන් ඉවත් වීම පැය 01යි විනාඩි 55කින් එනම් මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි 48කට පසු සිදුවේ.
     
    රාත්‍රී 10.53 සිට ග්‍රහණය හොදින් දිස්වනු ඇත. මෙම ග්‍රහණයේ උපරිම අවස්ථාව රාත්‍රී 11.51 වන විට චන්ද්‍රයාගෙන් සියයට 25කට ආසන්න ප්‍රමාණයක් පෘථිවි පූර්ණ ඡායාවෙන් වැසී ඇති සේ දිස්වනු ඇත. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya