අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සම සෞඛ්‍ය ශිෂ්‍ය ගැටලුවට සාකච්ඡා මාර්ගයෙන් කඩිනමින් විසඳුම්

    ජූලි 15, 2017

    පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහනුවර මහරෝහලේ සහ පේරාදෙනිය ශික්ෂණ රෝහලේ දී සායනික පුහුණුව ලබාදීමට කඩිනමින් පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

    සම සෞඛ්‍ය විද්‍යාපීඨ සිසුන් පසුගියදා මහනුවර මහරෝහල ඉදිරිපිට නිහඩ විරෝධතාවයක නිරත වූ අතර, එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා එම සිසුන් 05 කට සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන ලෙස දැනුම් දුන්නේය. ඒ අනුව සිසුන් 05 ක් සාකච්ඡාවට පැමිණි අතර, සාකච්ඡාවෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.

    හෙද සහ අතුරු වෛද්‍ය සේවා සදහා උපාධිය ලබාදීමේ යෝජනාව තමා 2002 වසරේ දී ඉදිරිපත් කළ බවත් එහිදී ඇතැම් සංගම් විරෝධය පළ කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     මෙම ගැටලුව සම්බන්ධයෙන් අවසන් සාකච්ඡාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සම සෞඛ්‍ය සිසුන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහභාගීත්වයෙන් ලබන සතියේ පැවැත්වීමට නියමිතයි. මහනුවර මහ රෝහලේ වෛද්‍ය වාට්ටු හැර අනෙක් වාට්ටු පුහුණුව සඳහා ලබාදීමට මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂවරයා කැමැත්ත පළ කර තිබෙන අතර වෛද්‍ය වාට්ටු පුහුණුව පේරාදෙනිය රෝහලේ දී ලබාදෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම සාකච්ඡාව සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ලක්ෂ්මි සෝමතුංග මහත්මිය, අමල් හර්ෂ ද සිල්වා මහතා සහ මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා මහනුවර මහ රෝහලේ වෛද්‍යවරුන් හෙද හෙදියන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya