මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු මර්දනයට සියලු දෙනා එකම වේලාවකදී අද එක්වෙති Featured

    ජූලි 15, 2017

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය යටතේ සියලුම මාධ්‍ය ආයතන, සියලුම ජංගම දුරකථන සමාගම් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය එක්ව ඩෙංගු ව්‍යසනය තුරන්කිරීමේ ඒකාබද්ධ වැඩපිළිවෙළක් තවත් පියවරක් අද (15) ක්‍රියාත්මක් කෙරේ.

    ඒ අනුව අද පෙ.ව. 10.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා සියලුම විද්‍යුත් මාධ්‍ය එකම වේදිකාවක සිට තම නිවස හා අවට පරිසරය පිරිසිදු කිරීමේ ජාතික වැඩසටහනක් මෙහෙයවනු ලැබේ.


    මෙහිදී ශ‍්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සිට සියලුම විද්‍යුත් මාධ්‍ය ආයතන සහභාගිත්වයෙන් සිංහල භාෂා මාධ්‍යයෙන් ද, ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ දමිළ භාෂා මාධ්‍යයෙන් ද ඩෙංගු ව්‍යසනය තුරන්කිරීමේ පණිවුඩය සජීවී විකාශනයන් පසුගිය 12 වැනි දින සිදු කෙරිණි.  

    මෙහි දෙවන අදියර යටතේ පාසල් හා කාර්යාල පරිශ‍්‍ර පිරිසිදු කිරීම ඉලක්ක කර ගනිමින් ලබන 19 වන බදාදා දින ඩෙංගු ව්‍යසනය මර්දනය කිරීමේ වැඩසටහනක් සියලුම විද්‍යුත් මාධ්‍යයන්ගේ දායකත්වයෙන් සිදු කිරීමට කටයුතු යොදා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya