අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදා ක්‍රියාදාමය ශක්තිමත් කරනවා

    ජූලි 01, 2014
    නාවික හමුදාවේ ක්‍රියාදාමය තවදුරටත් ශක්තිමත් කරන බවත් ඒ සඳහා මහා පරිමාණ නැව් කිහිපයක් මිලදී ගැනීමට කටයුතු කරන බවත් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
     
    ජයන්ත පෙරේරා මහතා මේ බව ප්‍රකාශ කළේ අද (01) සිය ධුරයේ වැඩ බාරගැනීම වෙනුවෙන් නාවික හමුදා මූලස්ථානයේ පැවැති උත්සවයට සහභාගි වෙමිනි.
     
    තමා කෙරෙහි විශ්වාසය තබා මෙවැනි උසස් තනතුරක් ලබාදීම පිළිබඳ ව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත සිය ස්තූතිය පළ කර සිටි නාවික හමුදාපතිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට මනා දේශපාලන දර්ශනයක් පවතින බවත් ජනාධිපතිතුමාගේ හා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගේ මගපෙන්වීමෙන් තිස් වසරක් පුරා පැවැති ත්‍රස්තවාදය නිමා කිරීමට හැකි වූ බවත් පැවසීය. 
     
    නාවික හමුදා පුහුණුව ලබාගැනීම සඳහා නයිජීරියානු රටින් ඉදිරිපත් වී ඇතැයි කී නාවික හමුදාපතිවරයා යුද ජයග්‍රහණය සම්බන්ධයෙන් ප්‍රසංසා කරන බවත් ප්‍රකාශ කළේය. 
     
    යුද්ධයෙන් විපතට පත් වු නාවික හමුදා සෙබළුන් වෙනුවෙන් සිදු කරමින් පවතින සුබසාධන කටයුතු සියල්ල ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවද පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya