අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමය නැතුව යන්නට ප්‍රධාන හේතුව තමයි අපි එකිනෙකාට මෛත්‍රිය නොකිරීම

    ජූලි 01, 2014

    වර්තමාන ලෝකයට අවශ්‍ය ම දෙය සාමය බවත් සාමය නැතුව යන්නට ප්‍රධාන හේතුව අප එකිනෙකාට මෛත්‍රිය නොකිරීම බවත් අග්‍රාමාත්‍ය දි.මු.  මහතා පවසයි.


    අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “මෙත්තා සමුළුවට” ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.  මෙහිදී වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, සෑම ආගමක ම උගන්වන්නේ මෛත්‍රිය කිරීමයි.  සියලු සත්ත්වයින් වෙත මෛත්‍රිය කරන්න බුදුරජාණන් වහන්සේ ඉගැන්වූ බවයි.


    මෙම සමුළුව සඳහා විදේශීය රටවලින් විශාල පිරිසක් සහභාගි වූ අතර, සාමය සහ සහජීවනය උදෙසා විශාල සේවයක් කරන විවිධ රටවල නියෝජිතයින් සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, ඇතැම් අන්‍ය ආගමික පූජක ප්‍රසාදීන් වහන්සේලා විශාල පිරිසක් එක්ව සිටියහ.


    වැඩිදුරටත් සමුළුව ඇමතූ අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ, “භෞතික වශයෙන් අප විශාල දියුණුවක් ලබා සිටියත්, ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් ලබා ගැනීමට නොහැකි වුවහොත් එම භෞතික දියුණුවෙන් වැඩක් වෙන්නේ නැහැ.  අද මෙම සභාවේ විවිධ ආගමික නායකයින් මෙන්ම, විවිධ ජාතීන් විශාල පිරිසක් එක්වී සිටිනවා දැකීම විශාල සතුටක්.  පාලි භාෂාවෙන් මෙත්තා ලෙසත්, සංස්කෘත භාෂාවෙන් මෛත්‍රිය ලෙසත් හඳුන්වන මෛත්‍රි සහගත බව සියලු සත්ත්වයන් නිදුක් වෙත්වා, සුවපත් වේවා, දුක් නැති වේවා යන ප්‍රාර්ථනාව සියලු සීමා බන්ධන පවුරු පදනම් බිඳගෙන මුළු මහත් විශ්වයටම බලපැවැත්විය හැකි ආදරයක්, ලෙන්ගතු බවක්, අපේ හදවත් තුළ ඇති වෙනවා. මෙම මෙත්තා සමුළුව ලොවට ආදර්ශයක් ගෙන දෙමින් සහජීවනය ඇති කරලීමට මහඟු ආදර්ශයක් ගෙන දෙන බව මගේ විශ්වාසයයි”.

    මෙම අවස්ථාවට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සර්වෝදය නායක, ඒ.ටී.ආරියරත්න, ආචාර්ය මයිකල් බැක්විත්, වෛද්‍ය ජේම්ස් ඩොට්, ආචාර්ය කිරාන් බේඩි, ආචාර්ය චන්දන සිවා, වෛද්‍ය වින්සන් ආරියරත්න, ජෙසීමා ඉස්මයිල් යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya