අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු පළාත්වල අමාත්‍යවරුන් ධීවර කර්මාන්තය ගොඩනැගීමට එක්විය යුතුයි Featured

    ජූලි 01, 2014
    නැගෙනහිර හා උතුරු පළාත් සඳහා ධීවර අමාත්‍යවරුන් පත්කර ඇති අතර ඔවුන් මොන පක්ෂයේ ද යන්න තමන්ට වැදගත් නොවන බවත් වැදගත් වන්නේ මේ සියලු පළාත්වල ධීවර අමාත්‍යවරුන් සමඟ එක්වී ධීවර කර්මාන්තය ගොඩනැගීම බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.


    බලය බෙදීම නිසා රටක් දියුණු වෙන හැටි දීර්ඝ ලෙස අධ්‍යයනය කළා. පෙඩරල් මඟින් මේ රට දියුණු කරන්න හැකි බවට එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාත් රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී කළ ප්‍රකාශයක සඳහන් කළ බවත් එසේ නොකළත් පළාත් සභා බෙදීම මඟින් පළාත් අමාත්‍යවරුන් ප්‍රධාන ලේකම්වරුන් විසින් ධීවර ජනතාව වෙනුවෙන් කරනු ලබන කටයුත්ත ගැන සතුටු වන බවත් ඔහු සඳහන් කළේය.

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (01) පෙරවරුවේ තලවතුගොඩ, ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේ පැවති පළාත් ධීවර අමාත්‍යවරුන්ගේ ප්‍රථම සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ඒ ඒ පළාත්වල ධීවර කටයුතු සංවර්ධනය කිරීමට පළාත් ධීවර අමාත්‍යවරුන් ප්‍රමුඛ නිලධාරීන්ට හැකියි. මේ වන විට ධීවර කර්මාන්තයේ දියුණුවක් ලබා තිබේ. තමා ධීවර අමාත්‍යවරයා ලෙස පැමිණෙන විට මෙට්රික් ටොන් 339,730ක්ව පැවති මාළු නිෂ්පාදනය මේ වන විට මෙට්රික් ටොන් 512,840ක් එනම් 51%කින් ඉහළ ගොස් ඇත. මාළු ආනයනය කරන නිසා මාළු මිල ඉහළ නොයන බව ඇතැමුන් ප්‍රකාශ කළත් සිදුව ඇත්තේ මාළු අස්වැන්නේ ඉහළ යාමක් සිදුව තිබීමයි. මේ වන විට මාළු ආනයනය 19%කින් අඩු කර තිබේ. අපනයනයේ ඉහළ යාමක් සිදු වී ඇති බවත් අස්වැන්නේ ඉහළ යාම නිසා මිලෙහි අඩුවීමක් සිදුව තිබෙන බවත් ඔහු කීය.


    උම්බලකඩ 44%කින් හා කරවල 26%කින් ආනයනය අඩු කර ඇත. දිවි නැඟුම යටතේ මේවා නිෂ්පාදනය කරන නිසා ආනයනයේ අඩුවක් පවතී. ඒකපුද්ගල දෛනික මාළු පරිභෝජනය 2009දී ග්රෑම් 28ක්ව පැවති අතර එය අද වන විට ග්රෑම් 41.3ක් දක්වා 32%කින් ඉහළ නංවාලීමට හැකිවී ඇත. මාළු පරිභෝජනය මන්දපෝෂණය නැති කරන්න හොඳ ආයුධයක්. ඒ සඳහා දිනකට ග්රෑම් 60ක් දක්වා මාළු පරිභෝජනයට ගත යුතු අතර 2016 වන විට ඒ මට්ටම දක්වා වැඩි කිරීම තම අපේක්ෂාව බවත් ඒ සඳහා මාළු නිෂ්පාදනය වැඩි කළ යුතු බවත්  අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    බටහිර රටවල් විසින් ජාත්‍යන්තර මුහුදේ 48%ක් මාළු අල්ලනු ලබයි. ඉන්දීය සාගර කලාපයේ රටවල් සතු වන්නේ 52%ක ප්‍රමාණයකි. 2009ට සාපේක්ෂව මාළු අපනයනය 51%කින් ඉහළ ගොස් ඇත. 2009දී අපනයනය මෙට්රික් ටොන් 21,015ක් වන අතර 2014දී එය 31,292ක් වේ. ටූනා මත්ස්‍ය අපනයනය මෙට්රික් ටොන් 5214 සිට 28%කින් එනම් 11,814කින් වැඩි වී ඇත. විසිතුරු මත්ස්‍ය ආදායම ද අද වන විට වැඩි වී ඇති අතර මෙරට ධීවර කර්මාන්තයේ සංවර්ධනය කෙතරම් ද යත් ධීවර වරායවල් 04ක් ඉදිකර අවසන්ය. තවත් ධීවර වරායවල් 13ක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. නැංගුරම් පොළවල් 33 සිට 56 දක්වා ඉහළ නංවාලීමට කටයුතු කර ඇත. මේ වන විට නැංගුරම් පොළවල් 07ක් හැදෙමින් පවතී. ධීවර සංස්ථාවේ මාළු අලෙවිසැල් 137ක් තිබේ. ලංකාවේ දිනකට සැමන් අවශ්‍යතාව සැමන් ටින් 125,000ක් වේ. දැනට ලංකාවේ නිෂ්පාදනය සැමන් ටින් 45,000ක් වන අතර මේ ප්‍රමාණය වැඩිකිරීමට ගිවිසුම් අත්සන් කිරීමට සැලසුම් කර ඇති බවත් ධීවර සංස්ථාව ගොඩනගන්න රජයේ මුදල් ගෙන නැති අතර ණය ගෙන මේ සියල්ල කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


    මේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, බස්නාහිර පළාත් ධීවර අමාත්‍ය නිමල් ලාන්සා, දකුණු පළාත් ධීවර අමාත්‍ය රෝහණ ප්‍රිය උපුල්, උතුරු පළාත් ධීවර අමාත්‍ය බාලසුබ්‍රමනියම් දිනේෂ්වරන්, නැගෙනහිර පළාත් ධීවර අමාත්‍ය හමීඩ් රසීන් නසීඩ්, වයඹ පළාත් ධීවර අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා යන මහත්වරුන් ඇතුළු ධීවර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයන්හි නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya