අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව නාවික හමුදාපති වැඩ බාරගනී Featured

    ජූලි 01, 2014
    ශ්‍රී ලංකා නාවික හමුදාවේ 19 වැනි නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා අද (01) නාවික හමුදා මූලස්ථානයේ දී සුබ මොහොතින් සිය ධුරයේ වැඩ බාරගත්තේය.
     
    ඒ සමඟ නාවික හමුදාපති ලෙස කටයුතු කළ අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා විශ්‍රාම යනු ඇත. 
     
    කොළඹ තර්ස්ටන් විදුහලේ ආදි සිසුවෙකු වන ජයන්ත පෙරේරා මහතා ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇත්තේ 1978 අගෝස්තු 23 වැනි දාය. පෙරේරා මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ අත්දැකීම් රාශියකින් පිරිපුන් නිලධාරියෙකු වන අතර, ඔහු නාවික හමුදා නෞකා හා යාත්‍රා රැසක අණදෙන නිලධාරී ලෙස කටයුතු කර ඇත. 
     
    ඔහු නාවික නෞකා සයුර නෞකාව අධිකාරියට පත්කිරීමේ පළමු අණදෙන නිලධාරීවරයා ලෙස කටයුතු කර ඇති අතර, 2008 වසරේ බටහිර විධාන නාවික ආඥාපති ලෙස ද, 2007 වසරේ දී දකුණු විධාන නියෝජ්‍ය ආඥාපති වශයෙන් ද,  2006 වසරේ මානුෂික මෙහෙයුම පැවැති කාලසීමාව තුළ නැගෙනහිර විධාන නියෝජ්‍ය ආඥාපති වශයෙන් ද කටයුතු කර ඇත. 
     
    එසේම ජයන්ත පෙරේරා මහතා නාවික හමුදා ප්‍රධාන කාර්යමණ්ඩලයේද තනතුරු රැසක් දරා ඇති අයෙකි. 
     
    මෙම අවස්ථාවේ දී හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා වෙනුවෙන් සමුගැනීමේ ආචාර පෙළපාළියක් මෙන් ම නව නාවික හමුදාපතිවරයා පිළිගැනීම වෙනුවෙන් ද ආචාර පෙළපාළියක් පැවැත්විණි. 
     
    DB
     
     navy chief  1
     
    navy chief  2
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya