අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන බැංකුවට පනස් තෙවසරයි

    ජූලි 01, 2014

    මෙරට බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ මහත් පෙරළියක් ඇති කරමින් ඇරඹි මහජන බැංකුව පිහිටුවා අද (01)ට වසර පනස් තුනක් සපිරේ. ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාරය ග්‍රාමීය බැංකු ක්‍රමය හා ගැමි ජනතාව නගාසිටුවීම අරමුණු කර ගනිමින් 1961 අංක 29 දරණ පනත යටතේ මහජන බැංකුව පිහිටුවිය.


    මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූයේ එවකට අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය යටතේ රජයේ වෙළඳ, ආහාර සමූපකාර හා නාවික කටයුතු අමාත්‍යව සිටි ටී.බී.ඉලංගරත්න මහතා විසිනි.මහජන බැංකුවේ ප්‍රථම සභාපතිවරයා වූයේ එවකට සමූපකාර ක්ෂේත්‍රයේ විශාල මෙහෙයක් සිදු කරමින් සිටි වින්සන්ට් සුබසිංහ මහතාය.

    ප්‍රථම මහජන බැංකු ශාඛාව කොළඹ ආදිපාද වීදියේ පිහිටුවනු ලැබූ අතර, එම වසරේදී ම මාතලේ, මහනුවර, පොලොන්නරුව, හිඟුරක්ගොඩ, හම්බන්තොට, අනුරාධපුරය හා පුත්තලම යන පිට පළාත්වලද සිය ශාඛාවන් ආරම්භ කළේය.දැනට දිවයිනපුරා මහජන බැංකු ශාඛා 740කට ආසන්න සංඛ්‍යාවක් පිහිටුවා ඇති අතර සමස්ත ගනුදෙනුකාර ප්‍රජාව මිලියන 13කට ආසන්න වේ.

    ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් මුද්‍රිත චෙක්පත් වෙනුවට භාෂා තුනෙන් ම මුද්‍රිත චෙක්පත් හඳුන්වා දීමේ ගෞරවයද හිමිවනුයේ  මහජන බැංකුවටයි. දිවා රාත්‍රි ක්‍රියාත්මක දිවයිනපුරා ස්ථාපිත කර ඇති මහජන බැංකුවේ ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර සංඛ්‍යාව 400 ඉක්මවා ඇත. මීට අමතරව පරිගණක හා ටේලර් යන්ත්‍ර සහිත මාර්ගගත ජංගම බැංකු සේවාවක් ද දිවයිනපුරා සේවයේ යොදවා ඇති අතර, මේ මගින් ඕනෑම ස්ථානයක සිට බැංකු පහසුකම් ලබා ගැනීමට ගනුදෙනුකරුවන්ට හැකි වේ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya