නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    GSP + සහනය ලබන සතියේ ස්ථීරවම ශී‍්‍ර ලංකාවට ලැබෙන බවට තොරතුරු ලැබී ඇති බව ජනපති පවසයි Featured

    ජනවාරි 07, 2017

    මෙරට කර්මාන්ත ක්ෂේත‍්‍රයේ සහ අපනයන ක්ෂේත‍්‍රයේ සුවිශේෂී හැරවුමක් සනිටුහන් කරමින් GSP + සහනය ලබන සතියේ ස්ථීරවම ශී‍්‍ර ලංකාවට ලැබෙන බවට තොරතුරු ලැබී ඇති බව ජනපති පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මහනුවර, හල්ඔළුව, දොඩංවල පාලම ජනතා අයිතියට පවරාදීමේ උත්සවයට  (07) පෙරවරුවේ එක් වෙමිනි.

     

    රටක් ලෙස ඉදිරියට යාමට තිබූ බොහෝ බාධාවන් ඉවත් කර ගනිමින් සියලු රාජ්‍යයන් සමග මිත‍්‍රශීලිත්වයක් ගොඩනගාගැනීමට ඉකුත් දෙවසර තුළ වත්මන් රජයට හැකිවූ බව පැවසූ ජනාධිපතිතුමා එහි ප‍්‍රතිලාභ දැන් මාතෘභූමියට ලැබෙමින් තිබෙන බව ද කියා සිටියේය.

     

    සංවර්ධනය පිළිබඳ උදම් අනනවා සේම එම සංවර්ධනය සමග රටට ලැබුණු මහා ණය බර පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව පැවසූ ජනාධිපතිතුමා තවත් අතිවිශාල වශයෙන් ණය ලබාගනිමින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කර ජනපි‍්‍රයත්වයට පත්වීමට වත්මන් රජයට ද හැකි නමුත් මහා ණය සම්භාරයක් රටට උරුම කර දී රටේ අනාගතය අඳුරු කිරීමට තම රජය කිසිසේත් සූදානම් නොමැති බවත්, මහා ණය බර සමග ලෝකයේ විවිධ රටවල්වලට මුහුණදීමට සිදු වූ ඛේදවාචකයන් අප සැලකිල්ලට ගත යුතු බවත් කියා සිටියේය.

     

    හම්බන්තොට වරාය සහ කර්මාන්තපුරය පිළිබඳ ඇතැමුන් ගෙන යන වැරදි ප‍්‍රචාර පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ මේ රටේ බිම් අඟලකවත් අයිතිය ලෝකයේ කිසිදු රටකට ලබාදීමට තමන් සූදානම් නොමැති බවයි.

     

    කර්මාන්ත මෙන්ම නව ආයෝජන රටට අවශ්‍ය නමුත් ඒ සඳහා ඉඩම් ලබාදෙන්නේ ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහ නීතිරීතිවලට එකඟව බව පැවසූ ජනාධිපතිතුමා ඇතැමුන් සඳහන් කරන පරිදි ජනතාව ඔවුන් පදිංචි ගම්මානවලින් ඉවත් කිරීමට හෝ ඓතිහාසික වටිනාකම්වලින් යුත් වෙහෙර විහාරස්ථාන කඩා බිඳ දැමීමේ කිසිදු අකටයුත්තකට රජය ඉඩ තබා නොමැති බව ද කියා සිටියේය.

     

    රටවල්, ව්‍යාපාරිකයින්, ආයෝජකයින් හෝ ජාත්‍යන්තර සංවිධාන සමග ඇතිකරගන්නා වූ සියලු ගිවිසුම් ඇති කර ගන්නේ ඉතා විවෘත භාවයකින් බව පැවසූ ජනාධිපතිතුමා රටේ සංවර්ධනයට වත්මන් රජය ඉතා අවංකව කැපවී සිටින බව ද සඳහන් කළේය.

     

    ආණ්ඩු පෙරළන බවට ඇතැමුන් ප‍්‍රකාශ නිකුත් කළ ද වත්මන් ආණ්ඩුව වැට්ටීමට කිසිවෙකුට නොහැකි බවත් 2020 න් පසුව එන මැතිවරණයකදී නව ආණ්ඩුවක් පත් කරගතහොත් මිස ඊට පෙර ආණ්ඩුව පෙරළීමට කිසිවෙකුට, කිසිදු ඉඩක් නොමැති බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

     

    මහනුවර නගරයේ පවතින මාර්ග තදබදයට විසඳුම් ලෙස ඉදිකෙරුණු මෙම පාලම මීටර් 105 ක දිගින් යුත් අතර මං තීරු දෙකකින් සමන්විතය. බි‍්‍රතාන්‍ය යකඩ පාලම් ව්‍යාපෘති ආධාර යටතේ කි‍්‍රයාත්මක ප‍්‍රාදේශීය පාලම් වැඩඩසටහන යටතේ රුපියල් මිලියන 374 කට ආසන්න මුදලක් වැය කරමින් මෙම පාලම ඉදිකර තිබෙන අතර මාතලේ, කුරුණෑගල වැනි ප‍්‍රදේශවලින් සහ මහනුවර අවට ප‍්‍රදේශවලින් පැමිණෙන වාහනවලට මහනුවර නගරය මගහැර තම ගමනා ගමන කටයුතු පහසුවෙන් ඉටුකර ගැනීමට මෙම පාලම ඉදිකිරීමත් සමග හැකියාව ලැබෙනු ඇත.

     

    අස්ගිරි මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශී‍්‍ර ඤාණරතන නායක හිමිපාණන් වහන්සේ ද, අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, අබ්දුල් හලීම්, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු ප‍්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් රැසක් ද, බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයා ඇතුළු විදේශ නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

     

     

     

    මහනුවර, හල්ඔළුව, දොඩංවල පාලම ජනතා අයිතියට පවරාදීමේ උත්සවයට සහභාගි වෙමින් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව
    2017.01.06 වන දින මහනුවරදී

    අපේ රටේ ඉතාම ඉහළම පාරිසරික වැදගත්කමක් තිබෙන ඓතිහාසික වැදගත් කමක් තිබෙන මේ උතුම් බෞද්ධ නගරයේ විශේෂයෙන්ම අද අප සියලු දෙනාම සිංහල, දමිළ, මුස්ලිම් සියලු ජනකොටස් ඉතාමත් සමගියෙන් ජීවත්වන සමාජයක අනාගතය සඳහා සංවර්ධනය සඳහා දීර්ඝකාලීනව තිබූ අවශ්‍යතාවක් අද සම්පුර්ණ වෙන අවස්ථාවක ඔබත් සමග එක්වන්නට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

     

    පාලමක් ඉදිකිරීම ඒ පාලමේ තිබෙන භෞතික වටිනාකම්වලට වඩා පාලමකින් කෙරෙන උතුම් මානුෂීය කාර්යය සහ මෙහෙවර ඔබ අපි කවුරුත් දන්නවා. පාලමකින් කෙරෙන්නේ යා කිරීමක්. එක් කිරීමක්. අපේ රටේ යුද්ධය තිබුණු කාලය ඔබට මතක ඇති. ලෝකයේ රටවල්වල යුධ අවස්ථා ඔබේ මතකයේ ඇති. යුදවදින විට බොහෝ විට ඒ දෙපාර්ශවයන් විසින් කරන කාර්යයන් තිබෙනවා. ඒ ප‍්‍රදේශයේ තිබෙන තමාගේ සතුරු විදියට සලකන කණ්ඩායම්, සටන්කාරයින් දුර්වල කරන්න ඒමට තිබෙන පාලම් විනාශ කරනවා. යුද්ධයකදි දකින බොහෝ දෙයක් තමයි පාලම් විනාශ වීම. යුද්ධය කියන්නේ අපිට විතරක් නෙවෙයි කිසිකෙනෙනුට යහපත් නොවන දෙයක්. ඒ තුළ සැමවිටම වන්නේ විනාශය. ඒ නිසා තමයි පාලම් කඩන්නේ. ඒ නිසා පාලමක් ඉදිකිරීම කියලා කියන්නේ සැමවිටම ඒ ගම්මාන එකතු කිරීම වගේම සමස්ත ඒ ප‍්‍රදේශය වගේම ඒ ප‍්‍රදේශයෙන් පිටත සියලු ජනකොටස්වල ජනතාවට විතරක් නෙවෙයි ඇතැම් වෙලාවට සත්ත්වයින්ට පවා එක් වන්නට අවස්ථාවක් ලබාදීමයි.

     

    අද අපේ රටේ සංවර්ධනය පිළිබඳව අලුත් ආණ්ඩුවක් විදියට සමහර අය කතා කරනවා. මේ ආණ්ඩුව බොහෝම පැරණි ආණ්ඩුවක් විදියට ආණ්ඩුවට විරුද්ධ අය සලකනවා. නමුත් මම ජනාධිපති ධුරයට පත් වෙලා අවුරුදු දෙකක් වෙන්නේ මේ සතියට. ඒවගේම පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වලා දැන් අවුරුදු එකහමාර වගේ කාලයක්. මේ කාලසීමාව තුළ රට ගොඩනගන්න අපිට තිබුණු අභියෝග, බාධාවන් අපි ඉවත් කර ගත්තා. අපේ රට ලෝකයේ සියලුම ජාතීන් මිත‍්‍ර ජාතීන් බවට අපි අලුත් ආණ්ඩුවක් විදියට පත් කර ගත්තා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිට අන්තර්ජාතික සංවිධානවල සහයෝගීතාවය ලබා ගන්න අපි කටයුතු කළා. ඔබ දන්නවා අඩු තරමින් අපි අල්ලන මාලු ටික විකුණගන්න බැරිව තිබුණා. අපි ආණ්ඩුවක් විදියට එන විට ඒක යුරෝපීය රටවල් භාරගැනීම නවත්වලයි තිබුණේ. නමුත් ඊට මාස කිහිපයකට පෙර ඔබ දන්නවා යුරෝපය අපේ මාලු මිලදී ගැනීමට නැවත කටයුතු කළා. ඒවගේම මම දන්නවා තව දින කිහිපයකින් බොහෝ විට ලබන සතියේ මේ රටේ කර්මාන්ත ක්ෂේත‍්‍රයේ අපනයන ක්ෂේත‍්‍රයේ කවුරුත් කතා කරන අපිට අවශ්‍ය කර්මාන්ත සංවර්ධනයේදී අවශ්‍ය විදේශ වෙළඳාමේදි අවශ්‍ය ජීඑස්පී සහනය ලබන සතිය වන විට අපිට ස්ථිරවම ලැබෙන කරුණු වලින් මේවනවිට දැන ගන්නට තිබෙනවා. ඒ නිසා අපි රජයක් විදියට රටක් ඉස්සරහට ගෙනියන්න තිබූ බොහෝ බාධාවන් ඉවත් කර ගත්තා.

     

    මානව හිමිකම් පිළිබඳව ආපු යෝජනා චෝදනා ඒ සියල්ල අපි බාල කර ගත්තා. මම ලෝකයේ රටවල්වල ගිහිල්ලා රාජ්‍ය නායකයින්ට කිව්වේ අපිට අලුත් ආණ්ඩුවක් විදියට අලුතින් හිතලා අලුතින් වැඩකරන්න දෙන්න කියලා. යුද්ධයක් තිබුණා. ප‍්‍රශ්න ඇති වුණා. යුද්ධය අපි දිනුවා. අපිට සාමය ඇති කර ගත්තා. නමුත් මෙතනින් එහාට මේ රට ගෙනියන්න අපිට සහයෝගය දෙන්න. ලෝකයේ සෑම රාජ්‍ය නායකයෙක්ම කිව්වේ අලුත් ආණ්ඩුවක් විදියට අලුත් නායකයෙක් විදියට ඔබ කෙරෙහි අපි විශ්වාසය තියලා තිබෙනවා. ඒ නිසා ඔබට අපි සහයෝගය දෙනවා. ඒ නිසා ප‍්‍රධාන වශයෙන්ම ඒ තිබුණු බාධාවන් ඉවත් කරගෙන රට අභ්‍යන්තරයේ තිබෙන ප‍්‍රශ්න විසඳීමේ කාර්යයටයි අපි ආණ්ඩුවක් විදියට කැපවෙලා තිබෙන්නේ. එක් පැත්තකින් අපිට චෝදනා කරනවා අපි කිසි වැඩක් කරන්නේ නැහැ. සංවර්ධන කටයුත්තක් කරන්නේ නැහැ කියලා. ඊළඟට තවත් පැත්තකින් අපි කරන වැඩවලට කියනවා පාවා දෙනවා. නැති කරන්න හදනවා. රට විකුණන්න හදනවා කියලා. තවත් පැත්තකින් චෝදනා කරනවා. මේ දවස්වල බොහෝ කතා කරන මේ හම්බන්තොට වරාය සහ විශේෂයෙන්ම කර්මන්ත කලාපය පිළිබඳ ප‍්‍රශ්නය. මම ඊයේත් කොළඹ පැවැති උත්සවයකදී මේ ගැන කිව්වා. මේ පිළිබඳ ඇති වී තිබෙන දෙපාර්ශවීය සාකච්ජා තුළ ප‍්‍රධාන වශයෙන් එකඟතාවයකින් සම්මුතියකින් ගිවිසුමකින් ඒ අත්සන් කළයුතු ගිවිසුම මෙතෙක් සකස් වෙලා නැහැ. මේ සඳහා විශේෂඥයින්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත් කරලා තියෙනවා. තාක්ෂණික කමිටු වාර්තාව අද වෙනකන් තවමත් ඇවිත් නැහැ. අමාත්‍යාංශ ලේකම්වරු තිදෙනෙකුගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ වාර්තාව අද වෙනකන් තවම ඇවිත් නැහැ.

     

    ඒ වගේම අගමැතිතුමාත්, මමත් සාකච්ජා කරළා පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල ඇමතිවරුන්ගෙත්, අනුකමිටුවක් පත්කලා මේ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබා ගෙන කළ යුතු කාර්යයන් නීතියානුකූලව කිරීම සඳහා. ඒ අතරතුර බොහෝ ප‍්‍රචාර යන්නේ එක් පැත්තකින් අක්කර 15000 කතාවක් පිළිබඳ. මෙකේදි මම කණගාටුවෙන් කියන්න ඕනෑ. අපේත් සමහර මැති ඇමතිවරු මේක වරද්ද ගත්තා. මේ අක්කර 15,000 කතාවක් එක දිගට කියන්න පටන් අරගෙන. මම ඊයේ මීට අදාළ සියලු ඇමතිවරු කැදෙව්වා. අවශ්‍ය සියලු නිලධාරීන් කැඳෙව්වා. ඒ සියලු දෙනා කැඳවලා මම කිව්වා තියෙන තත්ත්වය පැහැදිලි කරන්න කියලා. මේ අක්කර 15,000 කතාවක් කොහෙද තියෙන්න මට කියන්න කියලා. කොහේද එකඟ වෙලා තියෙන්නේ මට කියන්න කියලා අක්කර 15,000 කතාවක්. කිසිම ලියවිල්ල නැහැ. එකඟ වෙච්ච තැනකුත් නැහැ. ඒක තමා ඇත්ත තත්ත්වය. මම පැහැදිලිව ඒගොල්ලන්නට කිව්වා අපිට කර්මාන්ත අවශ්‍යයි. ආයෝජකයින් අවශ්‍යයි. චීනයෙන් නෙවෙයි ලෝකයේ වෙනත් රටවල්වලින් එනවා නම් ඒක ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. නමුත් අපි මේ ස`දහා ඉඩම් දෙන්නේ ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවට එකඟව. අපේ නීති රීතිවලට එකඟව. අපේ භූමිය රටේ ලෝකේ කිසිම රටක මේ භූමියේ අයිතිය දෙන්නේ නැති විදියට බොහෝම පැහැදිලිව කියන්න අවශ්‍යයි. ඒ වගේම ඒ අවශ්‍ය කර්මන්ත දෙනවා නම් ආයෝජකයින් එනවා නම් ඒ අයට සුදුසු ස්ථාන සොයලා බලලා මේ මහජනයා ඉන්න ගම්මානවලින් පදිංචි ඉඩම්වලින් ජනතාව අයින් කරන ප‍්‍රතිපත්තියක් රජයේ නැහැ. විශාල ප‍්‍රචාරයක් ගෙනියනවා හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ තියෙන වෙහෙර විහාර මේ ඔක්කොම බුල්ඩෝසර් කරලා අයින් කරලා අක්කර 15,000 ට මැනලා දෙනවා කියලා.

     

    හම්බන්තොට දිස්ති‍්‍රක්කය ගත්විට ඉතිහාසය ගත් විට මාගම්පුර විශාල ඓතිහාසික පදනමක් තියෙන රජවරුන් සිටි බෞද්ධ පරිසරයක් තියෙන ඓතිහාසික වෙහෙර විහාරස්ථාන රාශියක් තිබෙන ප‍්‍රදේශයක්. මෑත කාලයේ ඇති වුණ වෙහෙර විහාර රාශියක් තියෙනවා. මේ එක විහාරස්ථානයක්වත් කඩන්න බිඳින්න මේවා අයින් කරලා සංවර්ධනය කරන ක‍්‍රමයක්, ප‍්‍රතිපත්තියක් මගේ කෙරෙහි නම් නැහැ. ඒක පැහැදිලිව කියන්න අවශ්‍යයි. එවැනිි අකටයුත්තක් අපි කරන්නේ නැහැ. නමුත් ඉතාම අසත්‍ය ප‍්‍රචාර කරලා, රටේ ජනතාව එකපැත්තකින් නොමග යවනවා. මහා සංඝරත්නය හමුවෙන්න නියෝජිතයින් එනවා, ඇවිත් විශාල විදියට උන්වහන්සේලා වැරදි තොරතුරු කියනවා. අපිට ආර්ථික අර්බුදයක් තියෙන බව ඇත්ත. මේක ඊයේ පෙරේදා නැත්නම් මේ අපේ අවුරුදු දෙකේ ඇති වුණ ප‍්‍රශ්නයක් නෙවෙයි. හම්බන්තොට වරාය චීනය තමා හැදුවේ. ණයට තමා හැදුවේ. මත්තල ගුවන්තොටුපල චීනයෙන් සල්ලි අරන් හැදුවේ. ණයට තමා හැදුවේ. අපි ඔය කතා කරන අධිවේගී මාර්ග, මහ මාර්ග හැදුවේ ණයට තමා හැදුවේ. සංවර්ධනය ගැන එක්පැත්තකින් උදම් අනනවා. වගේම ඒ සංවර්ධනයේ ඇතිවීමේ පසුබිමත් අපි සොයලා බලන්නට ඕනෑ. මේ කතා කරන සංවර්ධනය ඇති වුණේ අති විශාල ණය සම්භාරයක් එක්ක. දැන් අපිට රුපියල් කෝටි නව ලක්ෂයක් ණයක් ගෙවන්න තියෙනවා. බිලියන් නව දාහක්. මේ බිලියන් නව දාහා මේ අවුරුදු දෙකේ ඇතිවුණු ඒවා නෙවෙයි. අපි දැන් ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තිබෙනවා. හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා අවුරුදු දෙකක් බලයේ ඉන්න තිබියදී ඒ අවුරුදු දෙකකට කළින් ඇයි ඡන්දයකට ගියේ. මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න. එතුමා කල්පනා කළේ ඡන්දෙකට ගිහිල්ලා ඒ අවස්ථාවේ එතුමා දිනුවා නම් එතන ඉඳන් අවුරුදු හයක් එහාට යන්න තියෙනවා. ඒ අතරේ මේ ප‍්‍රශ්නවලට මුහුණ දීලා විසඳගන්න පුළුවන් කියලා. එතකොට එතුමා ජයග‍්‍රහණය කෙරුවේ නැහැ. මම ජයග‍්‍රහණය කෙරුවා. ප‍්‍රශ්නය අපේ අතට ආවා. දැන් ප‍්‍රශ්නේ අපි විසඳන්න ඕනෑ. අපි දැන් ප‍්‍රශ්ණෙට මුහුණ දීලා ඉන්නවා. ප‍්‍රශ්න විසඳන අය ප‍්‍රශ්නවලට මුහුණ දෙනවා. ප‍්‍රශ්න විසඳන අය විවේචනයට ලක්වෙනවා. මේ ප‍්‍රශ්න විසඳන අය ජනප‍්‍රියත්වයට පත් වෙන්නේ නැහැ. ජනප‍්‍රියත්වයට පත් වෙන්න නම් අපිට පුළුවන් අති විශාල වශයෙන් තව ණය අරගෙන කන්න දීලා අවශ්‍ය දේවල් කරලා ඒ සංවර්ධනය පෙන්වන්න පුළුවන්. නමුත් අපි ඒ ප‍්‍රතිපත්තියට අපිට ආණ්ඩුව විදියට යන්න පුළුවන්කමක් නැහැ. මේ රටේ තවත් විශාල ණය බරක් හදන්න පුළුවන්කමක් නැහැ. ලෝකයේ අපි දන්නවා විශාල ණය බර තිබුණු රටවල්වලට, ග‍්‍රීසිය වගේ රටවල්වලට, ඉතාලිය වගේ රටවල්වලට කුමක්ද සිද්ධ වුණේ කියලා. ඒ නිසා අපිට අපේ තිබෙන ස්වශක්තිය ඉදිරියේ අපේ විශ්වාසය තියලා අපිට උදව් ගන්න පුළුවන්, ආධාර ගන්න පුළුවන් රටවල්, රාජ්‍ය සංවිධාන, ජාත්‍යන්තර සංවිධානවල අපි උදව් ගන්න ඕනෑ. ඒ උදව් ගන්න කොට විශේෂයෙන්ම අපි අපේ රට ගැන සැමවිටම හිතලා අපේ මාතෘභූමිය ගැන හිතලා අපි කිසිවිටෙකත් ඒවාට හානියක් නොවන විදියට තමයි ඒ එකගතාවයන් ගිවිසුම් අපි ඇති කර ගන්නේ. නමුත් මේ පිළිබඳව බොහෝ වැරදි ප‍්‍රචාරයන් එනවා. ගෞරවණීය මහා සංඝරත්නයෙන් අවසරයි, මේ රට අපේ රට අපි රටක් විදියට අපි ගොඩනගන්න ලෝකයේ කිසිම රටකට මේ රටේ බිම් අඟලක් දෙන්න මම කිසිවිටෙකත් කටයුතු කරන්නේ නැහැයි කියන එක බොහෝම පැහැදිලිව කියන්නට ඕනෑ.

     

    ඒවගේම ඇති කර ගන්නා වූ ගිවිසුම් එකඟතාවයන් රටවල් සමග වෙන්න පුළුවන්. ව්‍යාපාරික ක්ෂේත‍්‍ර සමග වෙන්න පුළුවන්. ආයෝජකයින් එක්ක වෙන්න පුළුවන්. ජාත්‍යන්තර සංවිධාන සමග වෙන්න පුළුවන්. ඒ සියල්ලම විවෘතභාවයෙන් කරන්නේ. කිසි දෙයක් හංගන්න මම ලෑස්ති නැහැ. හංගන්න දෙන්නෙත් නැහැ. එහෙම අදහසක් ආණ්ඩුවේ කිසිතැනක නැහැ. දැන් මේ හම්බන්තොට හදා ගන්නා එකඟතාවයන් වූ ලියවිල්ල ඒ අංශ සාකච්ඡා කරලා මේක එන්න ඕනෑ. ඒ කමිටුවලින් නීතිපතිවරයාට. නීතිපතිවරයාට ආවට පස්සේ එතනින් එන්න ඕනෑ අමාත්‍ය මණ්ඩලයට. අමාත්‍ය මණ්ඩලයට ආපුවහම බොහෝම පැහැදිලිව මම ඊයේත් ප‍්‍රකාශයක් කළා. ඊට පස්සේ මේක අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මේක රටට විවෘත වෙලා මේ ගැන ඕන දෙයක් කතා බහ කරන්න. මෙහි අඩුපාඩු තිබෙනවා නම් ඒවා හදාගන්න නොගැලපෙන දේවල් තිබෙනවා නම් ඉවත් කර ගන්න අපි කටයුතු කරනවා. ඒ නිසා අපි සැමවිටම මේ රටේ සංවර්ධනය පිළිබඳව ඉතාමත්ම අවංකව අපිට අපේ රට කියන හැඟීම තුළ මේ රට ගොඩනැගීමයි අපි කරන්නේ. අපි සෑම කෙනෙක්ම ප‍්‍රධාන වශයෙන් අපි මේ රටේ දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, සමස්ත පුරවැසියන් ඒ අපේ වගකීම සහ යුතුකම පිළිබඳව අවබෝධයකින් අපි කටයුතු කිරීම අවශ්‍ය වෙනවා.

     

    දැන් මුළු රට පුරා නියඟයක් තියෙනවා. මේ නියඟයේ තත්ත්වය ඔබ කවුරුත් දන්නවා. මහනුවරට වැස්ස නැහැ. නුවරඑළියට වැස්ස නැහැ. වියළි කලාපයේ වැව්වලට වතුර නැහැ. අද කොත්මලේ ජලාශයේ ජලය නැහැ. වික්ටෝරියා ජලාශයේ ජලය නැහැ. මාදුරුඔය, රන්දෙණිගල, රන්ටැඹේ ජලය නැහැ. මේ තත්ත්වය උඩ අපිට ප‍්‍රධාන වශයෙන්ම නියඟයකට මුහුණ දීමේ තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඒ නිසා එක් පැත්තකින් එවැනි ප‍්‍රශ්නවලට අපි මුහුණ දෙන්න ඕනෑ. ජනතාව බඩගින්නේ තියන්න පුළුවන්කමක් නැහැ.

     

    මේ වර්ෂය අපි නම් කරලා තිබෙන්නේ දුගී බවෙන් නිදහස් වීමේ වර්ෂය විදියට. ඒ නිසා අපි අලුත් සැලසුම් රාශියක් ග‍්‍රාමීට මට්ටමින් ගම් මට්ටමෙන් ක‍්‍රියාත්මක කරනවා. ඒ නිසා අපිට සංවර්ධනය සඳහා සියලුදෙනාගේම සහයෝගය ලබා ගෙන අපි අතර තිබෙන වාද භේද අමතක කරලා රටක් විදියට රට ගොඩනගන්න සියලු දෙනා එකට එකමුතු වෙලා අපි සෑම කෙනෙකුගේම වගකීම් සහ යුතුකම් තේරුම් අරගෙන මේ උතුම් රට අපි ගොඩනගමුයි කියලා තමයි මම සියලූදෙනාට කාරුණිකව ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ. මේ සියලු කටයුතුවලදි ගෞරවණීය පූජනීය මහා සංඝරත්නයේ අවවාද සහ අනුශාසනා ඉතාමත් උතුම් වෙනවා. ඔබවහන්සේලා කරන මගපෙන්වීම අවවාද අනුශාසනා තුළ තමයි අපි ආණ්ඩුවක් විදියට ඉතාම පැහැදිලිව කටයුතු කරන්නේ. මේ රටේ ඉතිහාසයේ අපි හැම කෙනෙක්ම දන්නවා වසර දහස් ගණනක ඉතිහාසය පිළිබඳව කතා කරන විට සෑම විටම අනුරාධපුර යුගයේ සිට එදා මෙදා කාලයේ සිට සෑම රාජ්‍ය නායකයෙක්ම රාජ්‍ය පාලකයෙක්ම මේ රටේ ගෞරවණීය මහා සංඝරත්නයේ අනුශාසනා සහ උපදෙස් අනුවයි කටයුතු කළේ.

     

    ඒනිසා මාධ්‍ය තුළ නොයෙක් දේවල් කතා කරන්න පුළුවන්. නොයෙක් අසත්‍ය දේවල් සමාජය තුළ පතුරුවන්න පුළුවන්. ආණ්ඩුව මේ අවුරුද්දේ වට්ටනවයි කියලා ඒ පිළිබඳව නොයෙකුත් වැරදි මත තොරතුරු ප‍්‍රචාරය කරන්න පුළුවන්. එක පැත්තකින් කියනවා මේ ආණ්ඩුව මේ අවුරුද්දේ වට්ටනවයි කියලා. බොහෝම පැහැදිලිව කියන්න ඕනෑ එහෙම වට්ටන ක‍්‍රමයක් අපි නම් දකින්නේ නැහැ. මේ ආණ්ඩුව එහෙම වට්ටන්න බැහැ. ඒක බොහෝම පැහැදිලිව මම කියන්නට ඕනෑ. අලුත් ආණ්ඩුවක් තෝර ගන්න පුළුවන් විස්සයි විස්සෙන් පස්සේ මැතිවරණයකදි. ඒ ඇරෙන්න ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ මේ ආණ්ඩුව වැට්ටීමේ ක‍්‍රමයක් මම නම් දකින්නේ නැහැ. කෙනෙක් කියන්න පුළුවන් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත‍්‍රී සංඛ්‍යාව එකතු කරලා පෙන්වන්න පුළුවන් කාට හරි නෑ මේ ආණ්ඩුවට නෙවෙයි වෙන කෙනෙකුට තියෙන්නේ කියලා. හැබැයි ඒ වැඬේ කරන්නත් කථානායකයි ජනාධිපතියි ඒපැත්තට ඉන්න ඕනෑ. ඒක තමයි ඇත්ත තත්ත්වය. නැතිව ඒක කරන්නත් බැහැ. ඒක නිසා තමුන්නාන්සේලාට මතක ඇති පේ‍්‍රමදාස ජනාධිපතිතුමා ඉන්න කාලේ දෝශාභියෝගය ආවා. දෝශාභියෝගය අත්සන් කරලා එක්සත් ජාතික පක්ෂයෙන් තමයි මුලින් පටන් ගත්තේ. මමත් ඒ කාලේ අත්සන් කළා.

     

    අපි ඒ කාලේ පාර්ලිමේන්තුවේ. අන්තිමට මොකද වුණේ. අන්තිමට දෝශාභියෝගෙට වෙච්ච දෙයක් නැහැ. ඒ මොකද කථානායකතුමයි, ජනාධිපතිතුමයි එතන්දි එකට එකතු වෙලා. දෙන්නා එකතු වුණාම අත්සන් කරපු දෝශාභියෝගෙටත් වුණු දෙයක් නැතිව ගියා. ඒක නිසා කරූ ජයසූරිය කථානායකතුමයි, මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතියි දෙන්නා අල්ල ගත්තොත් තමයි වෙන ආණ්ඩුවක් හදන්න පුළුවන්. ඒක කවදාවත් කරන්න හම්බ වෙන්නේ නැහැ වෙන කාටවත්. මම ඒක බොහෝම පැහැදිලිව කියන්නට ඕනෑ. අපිට ජනවරමක් දුන්නා ගිය අවුරුද්දේ. ඒ ජනවරම උඩ අපි කටයුතු කරනවා. රටේ ප‍්‍රශ්න තියෙනවා. අර්බුද තියෙනවා. දැන් ඉන්දියාව අලුත් ප‍්‍රශ්න රාශිායකට මුහුණ දීලා තියෙන්නේ. අලුත් සල්ලි ගහලා දැන් ඉන්දියාව ලොකු අලුත් ප‍්‍රශ්නයක් හදා ගෙන තියෙන්නේ. ඉන්දියාවේ රට තුළ සල්ලි නැහැ. සල්ලි ගන්න ගියාම නැහැ. ලොකු ප‍්‍රශ්නයක් මතු වෙලා. ඉතින් ඒවගේම තමයි ලෝකයේ නොයෙකුත් තත්ත්වයන් ඇති වෙනවා. මේක මේ අපිට විතරක් තිබෙන කාරණයක් නෙවෙයි. නමුත් අපි ජාතියක් විදියට අපි අධිෂ්ඨානශීලී වෙන්න ඕනෑ.

     

    අපිට ආත්ම ශක්තිය තියෙන්නට ඕනෑ. අපිට ආත්ම ධෛර්යය තියෙන්නට ඕනෑ. මොන ප‍්‍රශ්න ආවත් මොන ආර්ථික අර්බුද ආවත් මේ මාතෘභූමියේ තිබෙන මේ රත්තරන් මහපොළොවත් එක්ක, මේ ලස්සන ගහකොළ වැලත් එක්ක සතාසීපාවත් එක්ක අපිට ස්වශක්තියෙන් ජාතියක් විදියට අපිට නැගී සිටින්න පුළුවන්. ඒ බලය සහ ශක්තිය තමුන්නාන්සේලා අපිට මේ රටේ මුළු ජනතාවටම තිබෙනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදය තිබෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා මාතෘභූමියේ පසුබිම ගත්ත්හම සැමවිටම ගොඩනැගුනා ප‍්‍රශ්නවලට මුහුණ දීලා. ඒ නිසා මූලිකම දේ තමයි මේ වගේ නියඟයක් එනකොට ප‍්‍රශ්නයක් එන කොට ඒකට මුහුණ දීලා අපිට අවශ්‍ය මූලික කන බොන දේ ටික අපි කොහොමද හදා ගන්නේ. පොඞ්ඩක් හරි තෙතමනයක් තිබෙන ප‍්‍රදේශවල අපි මොනවද වගා කර ගන්නේ. ඒක නිසා අනික් පැත්තෙන් අපිට පුළුවන් අවශ්‍ය දෙවල් පිටරටින් තියෙන තැනකින් ගෙනැල්ලා කන්න දෙන්න. ඒවත් එක්ක මේ අනික් වැඩ ටික අපි කරගෙන යන්න ඕනෑ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya