ජපාන ස්වයං ආරක්ෂක නාවික බලඝණයට අයත් “කිරිසමෙ” නෞකාව ඊයේ (04) කොළඹ වරාය වෙත පැමිණ තිබේ. නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගෙන ඇත. සුහඳතාවය වර්ධනය කරගැනීම හා සැපයුම් අවශ්‍යතා ලබා ගැනීම සඳහා එම නෞකාව මෙලෙස කොළඹ වරායට පැමිණ තිබේ. අද (05) දා මෙම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතය.