අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය වැඩිකිරීමට ගමනාගමනයේ සහය Featured

    ජූනි 18, 2014

    රාජ්‍ය සේවකයින් සඳහා විධිමත් හා පුළුල් වූ කාර්යාල පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් සැලසුම් කර තිබේ. ඒ අනුව රාජ්‍ය කාර්යාලීය සේවකයින් වැඩි වශයෙන් සේවය කරන ස්ථාන කරා පොදු ප්‍රවාහන සේවා බස් රථ යෙදවීමට අපේක්ෂා කෙරේ.


    මෙය ක්‍රම දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර, ඒ අනුව කාර්යාලවල සිට සේවා කණ්ඩායම් ඉලක්ක කරගත් ගමනාන්තයන් සඳහා ද, දුම්රියෙන් ගමන්ගන්නා කාර්යාලීය සේවකයින් සඳහා අගනුවරට ආසන්න ප්‍රධාන දුම්රිය ස්ථානවල සිට රජයේ සේවකයින් වැඩිපිරිසක් සේවය කරන කාර්යාලයන් පිහිටි ස්ථාන දක්වා සේවා සැපයීමට නියමිතය.


    රාජ්‍ය සේවකයින්ට අඩු කාලයකින්, අධික විඩාවකින් තොරව කාර්යාලවලට ගොස් තම සේවා කටයුතු සාර්ථකව, ඵලදායීව ඉටුකිරීමට අවස්ථාව සලසා දී, ඒ තුළින් රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට පොදු ප්‍රවාහනයේ සක්‍රීය දායකත්වයක් ලබාදීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි.


    මෙහි පළමු අදියර යටතේ ප්‍රධාන වශයෙන් විශාල රාජ්‍ය සේවා කාර්යමණ්ඩලයක් සේවය කරනු ලබන  කාර්යාල සංකීර්ණය  වන සෙත්සිරිපාය දක්වා ප්‍රවාහන සේවා සැපයීමට සැලසුම් කර ඇති අතර, ඒ පිළිබඳ වූ ප්‍රධාන සාකච්ඡාව ඊයේ (17) පෙරවරුවේ සෙත්සිරිපායේදී පවත්වනු ලැබීය.


     ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රේණුක දුෂ්‍යන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති අමිල රන්මණ්ඩල, ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්(වැ.බ), අධ්‍යක්ෂ සැලසුම් යන නිලධාරීන් ද, බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන අධ්‍යක්ෂ අජිත් රංජිත් මහතා ද, සෙත්සිරිපාය කාර්යාල සංකීර්ණයේ සියලුම අමාත්‍යංශ හා  ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.


    මෙහිදී කරුණු දැක්වූ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රේණුක පෙරේරා මහතා පැවසුවේ, මෙවැනි බස් රථ සේවා ආරම්භ කිරීම තුළින් කාර්යාල වේලාවන්හිදී මාර්ගවල ඇතිවන අධික රථවාහන තදබදය අවම කරගත හැකි බවයි. එසේම ඒ තුළින් අනවශ්‍ය ඉන්ධන දහනය මෙන්ම වැඩකරන ජනතාවගේ අපතේ යන විශාල මිනිස් පැය ගණනක් අඩු කරගත හැකි බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

     

    එමෙන්ම මෙම කාර්යාලීය ප්‍රවාහන සේවා නියාමනය කිරීමේ දී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ සියලු පළාත් ප්‍රවාහන අධිකාරීන් ද සක්‍රීයව දායක කරගන්නා බවද  සභාපතිවරයා පැවසීය. කාර්යාලී පොදු ප්‍රවාහන සේවා සැපයීමේ දෙවන අවස්ථාව කොළඹ, කොටුව ආශ්‍රිතව ඇති කාර්යාලයන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.


    මෙහිදී අදහස් දැක්වූ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති අමිල රන්මණ්ඩල මහතා කියා සිටියේ බස්නාහිර පළාත තුළ කෙටිදුර ධාවනයේ යෙදෙන බස් රථවල කාලය අඩුකිරීම පිළිබඳ එම අධිකාරිය මේ වන විට ඉහළ අවධානයකින් කටයුතු කරගෙන යන බවයි.

     
     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya