අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට වෙනුවෙන් දිවි කැපකළ රණ විරුවෙකුට ගුවන් හමුදාවෙන් නව නිවසක්

    ජූනි 18, 2014

    තිස් වසරක කුරිරු යුද්ධයේදී ශ‍්‍රී ලංකාව නිදහස් නිවහල් දේශයක් කිරීමෙහිලා වු සංග‍්‍රාමයේදී මියගිය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකු වූ පරම වීර විභූෂණ සහ රණ වික‍්‍රම පදක්කම්වලින් පිදුම් ලැබූ විංග් කමාන්ඩර් ටී.ඩී.එස්. සිල්වපුල්ලේ රණ විරුවාගේ පවුලේ සාමාජිකයන් වෙත නව නිවසක් ප‍්‍රදානය කිරීම ඊයේ (17) සිදු කෙරිණ.

     

    අංක 196/23, විනිෆ්‍රීඩා වත්ත, කටාන පාර, තිඹිරිගස්කටුව, මීගමුව යන ස්ථානයේදී ගුවන් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි රොෂාණි ගුණතිලක මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් එය සිදු විය.

    මෙම නිවස ඉදිකිරීම සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ලබා දී ඇති අතර, සම්පූර්ණ ශ‍්‍රම දායකත්වය ගුවන් හමුදා කටුනායක කඳවුරෙන් දක්වන ලදී.

    මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්‍ෂක එයාර් වයිෂ් මාර්ෂල් ලාල් පෙරේරා, ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරු අණදෙන නිලධාරි එයාර් කොමඩෝර් එස්.කේ. පතිරණ, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් ඇතුළු ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගි වූහ.


    ECB

    air2

    air3

    air5

    air6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya