අද උදෑසන 05.30ට නිකුත් කරන ලද මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබඳ අනාවැකියට අනුව පුත්තලම සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ. සුළං වේගය විටෙක පැ.කි.මී. 50-60 පමණ දක්වා ඉහළ යා හැක.
මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 70-80 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්රදේශ විටින් විට තද රළු විය හැකි අතර දිවයින වටා වන අනෙක් මුහුදු ප්රදේශ ද විටින් විට රළු වේ.
HC