අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත්ගම සහ බේරුවල ඇඳිරිනීතිය අද උදේ 8.00ට ඉවත් කරයි Featured

    ජූනි 18, 2014

    අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවල මේ වනවිට සාමකාමී වාතාවරණයක් ඇති වී තිබෙන හෙයින් පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (18) උදෑසන 8.00 වනවිට ඉවත් කිරීමට කටයුතු යොදා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

     

    අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවල හටගත් නොසන්සුන්කාරී තත්ත්වයක් නිසා සාමය ආරක්ෂා කිරීමට පොලිස් ඇඳිරි නීතිය පසුගිය 15 වැනි දා පස්වරු 6.45 සිට ක්‍රියාත්මක විය.


    පනවා තිබූ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 41 දෙනකු ඊයේ වන විට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර තිබේ.


    අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවලට පනවා තිබූ පොලිස්‌ ඇඳිරි නීතිය ඊයේ (17) ද පැය කිහිපයකට ඉවත් කරනු ලැබීය. එම ප්‍රදේශයන්හි ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා පොලිසිය, පොලිස්‌ විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක්‌ දියත් කර ඇත.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya