අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සුළං වේගය වැඩි විය හැක Featured

    ජූනි 18, 2014

    අද (18) දිවයින හරහා වි‍ශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට නිරිත දිග මෝසම් සුළං වේගය වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වලපයක වැසි ඇති වේ. මෙම වැසි වයඹ පළාත දක්වා ද පැතිර යා හැක.


    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මගින් අද මධ්‍යහන 12.00 දක්වා වන කාලය වෙනුවෙන් නිකුත් කරන ලද නිවේදනයකට අනුව දිවයින සහ අවට මුහුදු ප්‍රදේශවල නිරිත දිග මෝසම් සුළං විටින් විට පැ.කි.මී. 70-80 පමණ දක්වා වැඩි විය හැක.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව කොළඹ, ගාල්ල, රත්නපුර, නුවරඑළිය සහ මහනුවරට වැසි වාර කිහිපයක් ඇති විය හැක.


    මඩකළපුවට, අනුරාධපුර, ත්‍රිකුණාමලය, යාපනය හා මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 ත්‍රීකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 15 නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ. ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සදහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.6 ත්‍රීකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.4 නුවරඑළියෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya