නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති හෙට හොංකොං යයි Featured

    නොවැම්බර් 30, 2016

    “ද ඉකොනොමිස්ට්” (The Economist) ජාත්‍යන්තර සඟරාව විසින් සංවිධානය කරන  “2017 ලෝකය” (The World in 2017) සමුළුවට සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා හෙට  (01) හොංකොං නුවර බලා පිටත්ව යාමට නියමිතය.



    හොංකොං නුවර පැවැත්වෙන මෙම සමුළුවේ මුඛ්‍ය සාකච්ඡාවට සහභාගි වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය. මීට සමගාමීව “ද ඉකොනොමිස්ට්” ජාත්‍යන්තර සඟරාව නොවැම්බර් 29 වන දින  “2017 ලෝකය” යන මැයෙන් සිංගප්පූරුවේ ද සමුළුවක් සංවිධානය කර තිබූ අතර එහි මුඛ්‍ය සාකච්ඡාවට සහභාගි වූයේ භූතානයේ අග්‍රාමාත්‍ය ෂෙරින් ටොබ්ගේ (Tshering Tobgay) මහතාය.

     

    මෙම සමුළුව සඳහා ලෝකයේ පළමු පෙළේ අර්ථශාස්ත්‍රඥයින්, විද්වතුන්, ව්‍යවසායකයින් සහ මාධ්‍යවේදීන් සහභාගි වනු ඇත.

     

    මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මෙම සංචාරයට එක්වෙති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya