ඒ මහත්මිය මේ බව අනාවරණය කළේ රජයේ පුවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
එසේම විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් ඇති කිරීමට බලාපොරොත්තු වන විශ්‍රාම වැටුප පිළිබඳ පනත් කෙටුම්පත සම්පාදන වෙමින් පවතින බවත් ඉදිරියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යවරිය සඳහන් කළාය.
මේ සඳහා අරමුදලක් පිහිටුවීමට කටයුතු යොදා ඇති අතර මේ සඳහා කුවේට් අරමුදලින් රුපියල් බිලියන 2ක් මේ සදහා යෙදවීමට නියමිතය.
මෙහිදී සේවකයා විසින් රුපියල් 50,000 ක දායකත්වයක් ලබා දිය යුතු අතර අවුරුදු 10 ක් එම අරමුදල තුළ රැදී සිටිය යුතුය. විශ්‍රාම වැටුප් ගෙවිය හැක්කේ වයස අවු. 60 න් පසුවය.
AP