නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩවර්ජනයට පෙර වෛද්‍ය සංගමය සාකච්ඡාවක් කළේ නැහැ - සෞඛ්‍ය ඇමැති කියයි

    නොවැම්බර් 30, 2016

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (30) ක‍්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනය පිළිබඳ පුර්ව සාකච්ඡාවක් නොපැවැත්වුන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    එවැනි වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (29) දහවල් තමන්ට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා ප‍්‍රකාශ කරයි. සාකච්ඡා මාර්ගයෙන් ප‍්‍රශ්න විසඳා ගත යුතු බවත්, ඉන් පසු විසඳුම් සෙවිය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි.

    කොළඹ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ඊයේ පස්වරුවේ පැවති පලස්තීන ජනතා අන්තර්ජාතික සහයෝගිතා දින උත්සවයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද අයවැය යෝජනාවලට විරුද්ධව රෝහල්වල වැඩවර්ජන දියත් කිරීමට කටයතු යොදා ඇත. එම වැඩවර්ජනයට මුහුණදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සුදානම් බවද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya