නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාලු වාර්තා චිත්‍රපට උළෙලට නිර්මාණ භාරගැනේ

    නොවැම්බර් 23, 2016
    විකල්ප මාධ්‍ය කලාවක් ලෙස වාර්තා චිත්‍රපටය ඇගයීමේ අරමුණින් ගාලු වාර්තා චිත්‍රපට උළෙලක් සංවිධානය කිරීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා වන නිර්මාණ භාරගැනීම මේ වන විට සිදු කෙරේ. නිර්මාණ භාරගැනීම දෙසැම්බර් 15දායින් අවසන් වේ.
     
    සිනමාව, සාහිත්‍යය, සංගීතය හා විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් මෙහි විනිශ්චය කටයුතු සිදු කෙරෙන අතර, ක්ෂේත්‍ර ගණනාවක් යටතේ මෙහි සම්මාන හා මුදල් තෑගි ප්‍රදානය කිරීමට කටයුතු සූදානම් කර ඇත.
     
    ඒ අනුව හොඳම වාර්තා චිත්‍රපටය, හොඳම පර්යේෂණය, හොඳම තිර රචනය, හොඳම කැමරාකරණය සහ හොඳම අධ්‍යක්ෂණය, හොඳම උත්සාහය යන ක්ෂේත්‍රයන් ඔස්සේ මෙහිදි සම්මාන ප්‍රදානය කෙරෙනු ඇත.
     
    මෙම චිත්‍රපට උළෙල සඳහා භාරගන්නා නිර්මාණයන් හි කාලය විනාඩි 01 සිට විනාඩි 90 දක්වා වන අතර සම්මාන උළෙල 2017 මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතය. 
     
    ගාල්ලේ සර්වා කලා සහ මාධ්‍ය පාසැල විසින් මෙම උළෙල සංවිධානය කරන අතර වාර්තා චිත්‍රපට පර්යේෂකයෙකු වන සුමුදු ගුරුගේ මහතා මෙම තරඟාවලියේ උළෙල අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි.
     
    මෙම වාර්තා චිත්‍රපට උළෙල පිළිබඳ වැඩිදුර තොරතුරු This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් ලිපිනයෙන් හෝ දුරකතන අංක 0767 909 909 / 0767 952 952 ඔස්සේ ලබාගත හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya