නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැන ගැනීමේ පනත පිළිබඳ පුහුණු කිරීමේ වැඩ සටහනක් අද

    නොවැම්බර් 23, 2016
    තොරතුරු දැන ගැනීමේ පනත සම්බන්ධව පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩ සටහනක්  අද පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා  ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජානකී හෝටලයේදී ආරම්භ කෙරිණි.
    මෙම වැඩ මුළුව සඳහා පළාත් කිහිපයක විධායක ශ්‍රේණියේ නිලධාරීන් සහභාගි වන අතර මෙම නිලධාරීන් පුහුණුකරුවන් ලෙස පුහුණු කිරීම  අද හා හෙට යන දිනයන්හි සිදු කෙරේ.
     
    මෙහි සම්පත් දායකයින් ලෙස ජ්‍යෙෂ්ඨ උපදේශක ජයතිස්ස රණසිංහ ,රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසුරිය සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා  ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් බී.කේ.එස් රවීන්ද්‍ර හා නීතිඥ ජගත් ලියනාරච්චි යන මහත්වරුන් සහභාගි විය.
     
    මේ සඳහා මුල්‍යමය දායකත්වය UNDP ආයතනය මගින් ලබා දේ.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya