නාවික හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන මෙම කතිකාව සඳහා රටවල් 40ක් මෙන් ම අන්තර්ජාතික ආයතන 12ක් නියෝජිතයන් හා සමුද්‍රීය ආරක්ෂක විද්වතුන් රැසක් සහභාගිවන මෙවර කතිකාවේ තේමාව වී ඇත්තේ "උපාය මාර්ගික සාගරික සම්බන්ධතා වර්ධනය කර ගැනීම" යන්නයි.
නාවික කටයුතුවලදී ශ්‍රී ලංකාවට ඉන්දීය පැසිපික් කලාපයේ ඉතා ඉහළ ස්ථානයක් හිමිවන බව පෙන්වාදුන් නාවික හමුදාපතිවරයා පසුගිය 2015 වසරේ සිට මේ දක්වා කොළඹ වරායට පමණක් යුද නෞකා 95ක් පැමිණ ඇති බවත් පෙන්වා දුන්නේය.
සාගරික කලාපයන් තුළ රටවල්වලට පොදු වූ තර්ජනයන් පවතින අතර ඒවාට එක්ව මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳ ව සාකච්ඡා කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම සංවාදය තුළින් වත්මන් සාගරික අභියෝගයන් ජයගැනීම සඳහා ඵලදායි යාන්ත්‍රණයක් සකස් කරගැනීම මෙන් ම කලාපීය විද්වතුන්ගේ සාගරික ගැටලු රාශියකට පිළිතුරු සොයා ගැනීමට හැකිවනු ඇත.
මෙම සම්මන්ත්‍රණය හරහා නාවික හා සාගරික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සහ ඔවුන්ගේ සුවිශේෂි දැනුම් සම්භාරය මෙන් ම අත්දැකීම් හුවමාරු කරගැනීමට අවස්ථාව උදාවෙනු ඇත.
ගාලු කතිකාව සම්මන්ත්‍රණයේ නවතම තොරතුරු www.galledialogue.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.