ඉදිරියේ දී පදික මාරුව සඳහා ඇති 'කහ ඉරි' සඳහා කහ වර්ණය වෙනුවට සුදු වර්ණය භාවිත කිරීමට කටයුතු කරමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) ආර්.ඒ. සුදත් මහතා පැවසීය. ඒ සඳහා වන ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කොට අවසන්ව ඇති බවත් ඒ අනුව ඉදිරි වසරක පමණ කාලයක් තුළ මෙම වෙනස්කම සිදු කෙරෙනු ඇත. අන්තර්ජාතික ක්‍රමවේදයන්ට අනුව කහ වර්ණය වෙනුවට සුදු වර්ණය යොදා ගන්නා බවද ඒ මහතා පැවසීය.