අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය කළමනාකරණපති උපාධි ප්‍රදානෝත්සවය 26 දා

    ජූනි 17, 2014
    ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පශ්චාත් උපාධි අධ්‍යයන පාසල මඟින් පවත්වනු ලබන රාජ්‍ය කළමනාකරණපති පාඨමාලවේ උපාධි ප්‍රදානෝත්සවය මෙම මස 26 වන දින ප.ව. 2.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
     
    මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා සහභාගි වන අතර, ආරාධිත අමුත්තා වශයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සහභාගි වේ.
     
    පශ්චාත් උපාධි අපේක්ෂකයින් 110 දෙනෙකු සඳහා මෙම උත්සවයේදී උපාධි පිරිනැමීම සිදු කෙරේ. අමාත්‍යංශ ලේකම්වරු, අතිරේක ලේකම්වරු, දෙපාර්තමෙන්තු ප්‍රධානීන් සහ රාජ්‍ය සංස්ථා හා ව්‍යාවස්ථාපිත ආයතනවල ජ්‍යේෂ්ඨ කළමනාකරුවන් එම පිරිසට අයත් වේ.
     
    රාජ්‍ය කළමනාකරණ උපාධිලාභීන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය තුළදී සිදු කරන ලද ඉගෙනුම් ක්‍රියාවලියට අමතරව මැලේසියාව, සිංගප්පූරුව යන රටවල් දෙක තුළ ද අධ්‍යයන කටයුතු සඳහා සහභාගි කරවා ඇත.  එහිදී ජාත්‍යන්තර කළමනාකරණ ක්‍රම පිළිබඳව සහ එම රටවල් දෙකේ යහකළමනාකරණය ක්‍රියාවලීන් සහ විශ්වීය කළමනාකරණ පරිචයන් පිළිබඳව සති දෙකක විදේශ අධ්‍යාපන දැනුම හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳව අත්දැකීම් ලබා ගෙන ඇත.
     
    ඒ අනුව රාජ්‍ය සේවයේ නියුතු කළමණාකරුවන්ගේ රාජ්‍ය කළමනාකරණයට අදාළ දැනුම හා කුසලතා වර්ධනය කිරීම සහ ඔවුන් තුළ සුබවාදී ආකල්ප ගොඩනැලීම මෙම පාඨමාලාවේ මූලික අරමුණ වී ඇත.
     
    ECB/RU_cum

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya