අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ගමනාගමන කොමිසමට අහිමි වීමට ගිය ලක්ෂ 225ක් ඉතුරු වෙයි Featured

    ජූනි 17, 2014

    ජාතික ගමනාගමන කොමිෂන් සභාවට අහිමිවීමට ගිය රුපියල් ලක්ෂ 225ක මුදලක් තමාගේ ඍජු මැදිහත්වීම මත ඉතුරු කරගැනීමට හැකි වූ බව කොමිෂන් සභාවේ සභාපති රේණුක දුෂ්‍යන්ත පෙරේරා මහතා  ප්‍රකාශ කරයි.


    සභාපතිවරයා සඳහන් කරන පරිදි, පසුගිය වර්ෂයේදී  කොළඹ බැස්ටියන් මාවත බස් පර්යන්තයෙහි සවිකිරීමට (මගී පෝලිම් සඳහා)  කොමිෂන් සභාව මගින් මිලදී ගැනීමට කටයුතු කර තිබූ අඩි 4x2  ප්‍රමාණයේ විද්‍යුත් ගමනාන්ත ප්‍රදර්ශන පුවරුවලින් අතිරික්ත පුවරු 152ක්, මිලදී ගත් සමාගම සමඟ සාකච්ඡා කොට ආපසු භාරදීමට හැකිවී තිබේ. ඒ තුළින් කොමිෂන් සභාවට ඉතිරි කරගත හැකි වූ මුදල රුපියල් 23,172,912.00 කි.
     

    මෙම ගමනාන්ත දැක්වීමේ විද්‍යුත් ප්‍රදර්ශන  පුවරු 200ක් හිටපු පාලනාධිකාරිය විසින් මිලදී ගැනීමට කටයුතු කර තිබිණි. බැස්ටියන් මාවත බස් පර්යන්තයෙහි අවශ්‍යතාවට සරිලන ප්‍රමාණයට එම පුවරුවලින් 48ක් එම බස් පර්යන්තයෙහි සවිකරනු ලැබූ අතර, ඉතිරි පුවරු තොගය මෙලෙස අදාළ සමාගම වෙත ආපසු ලබාදීම සිදු කරනු ලැබ ඇත.



    එසේම දුෂ්කර ප්‍රදේශවල පාසල් දරුවන්ට ප්‍රවාහන පහසුකම් ලබාදීමේ අරමුණින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින්  ක්‍රියාත්මක කර ඇති සිසුසැරිය පා පැදි බෙදාදීමේ වැඩසටහන මගින් ද, පා පැදි මිලදී ගැනීම් සඳහා ගෙවිය යුතු මුදල්වලින් රුපියල් 1,875,000.00ක මුදලක් ඉතිරි කරගැනීමට ද වත්මන් පාලනාධිකාරිය සමත් වී තිබේ.
     ඒ, මෙම මිලදී ගැනීම්වලදී ටෙන්ඩර් පටිපාටියට අනුව තෝරාගෙන තිබූ ආයතනය සමඟ සාකච්ඡා කොට, මෙම ව්‍යාපෘතියේ සමාජමය සේවාව හා දැයේ දරුවන්ගේ අනාගතයට අතහිත දීම පිළිබඳව පැහැදිලි කර දී ඔවුන්ට හැකි අවම මිලට පා පැදි ලබාදීමට එම ආයතනය එකඟකර ගැනීම තුළිනි.
    මීට අමතරව ඉකුත් සමයේ  ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් සිදු කර ඇති මිලදී ගැනීම් හා අනෙකුත් ගනුදෙනුවලදී සිදුව ඇති පාඩු ලබන හා අවම වියදමින් වැඩි ප්‍රතිලාභ නොගත් අවස්ථාවන් පිළිබඳ සොයා බලා කොමිෂන් සභාවේ මූල්‍ය ගෙවීම් අවම කරගැනීමට හා උපරිම ඵලදායීත්වය ළඟා කර ගැනීමට තමා හැකි උපරිමයෙන් ක්‍රියාකරන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.

     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya