අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වලපයක වැසි ඇති වේ. මෙම වැසි වයඹ පළාත දක්වා ද පැතිර යා හැක.
ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව කොළඹ, ගාල්ල, රත්නපුර, නුවරඑළිය සහ මහනුවරට වැසි වාර කිහිපයක් ඇති විය
හැක.
මඩකළපුවට, අනුරාධපුර, ත්‍රිකුණාමලය, යාපනය හා මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.
උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 ත්‍රීකුණාමලය සහ මඩකළපුවෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 15 නුවරඑළියෙන් ද
අපේක්ෂා කෙරේ. ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සදහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.3 ත්‍රීකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.3 නුවරඑළියෙන් ද වාර්තා වී තිබේ.
HC