අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත්ගම හා බේරුවල නොසන්සුන්තාවන් පාලනය කෙරේ

    ජූනි 16, 2014

    අලුත්ගම හා බේරුවල ප‍්‍රදේශවල ඊයේ සිට පැවති නොසන්සුන්තාවන් ආරක්ෂක හමුදා විසින් මේ වන විට පාලනය කර තිබේ.


    මෙවැනි තත්වයක් ඉදිරියේදී ඇතිවීම වැලැක්වීම සඳහා අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (16) කළුතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ විශේෂ සාකච්ජාවක් පැවැත්වුණි.


    එහිදී ගැටලු ඇතිවිය හැකි ස්ථානවලට හා එම ස්ථානයන්ට ප‍්‍රවේශවීමට හැකි සියලු මාර්ගවල ආරක්ෂක හමුදා ස්ථාන ගත කිරීම.


    බෞද්ධ ස්වාමීන් වහන්සේලා හා මුස්ලිම් ආගමික නායකයන් විසින් ශබ්ද විකාශන යන්ත‍්‍ර උපයෝගී කර ගනමින් සන්සුන් වන ලෙස ප‍්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටීම.


    මෙවැනි ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල යෙදෙන අන්තවාදී සුළු පිරිස ගැන සොයා බැලීම හා අවශ්‍ය නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම.


    ජන කොටස් දෙකේ  සුහදතාව වර්ධනය කිරීම සඳහා එම ජන කොටස්වල නායකයින්ගේ ප‍්‍රධානත්වයෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම යන තීරණවලට එළැඹ තිබේ.


    HC/WMS_dmu_kalutara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya