අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමඟියට බාධා වන ආකාරයෙන් නිවේදන හා වාර්තා පළකිරීමෙන් වැළකීම මාධ්‍යයේ වගකීමක් Featured

    ජූනි 16, 2014
    රටේ සාමයට හා විවිධ ජන කොටස් අතර සමඟියට හා සංහිඳියාවට බාධා පමුණුවන ආකාරයෙන් සිදුකෙරෙන මාධ්‍ය වාර්තා සහ නිකුත් කෙරෙන නිවේදන සමාජයේ යහපැවැත්මට බාධාවක් වන බැව් අමුතුවෙන් පෙන්වා දිය යුතු නොවේ.
     
    අලුත්ගම ප්‍රදේශයේ ඊයේ (15) ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් කටකතා පැතිරවීම සහ වැරදි අර්ථකතන ලබා දෙමින් විවිධ ප්‍රකාශ සහ නිවේදන නිකුත් කිරීම කිසිසේත් පිළිගත නොහැකි අතර එවැනි ක්‍රියා මාධ්‍ය සදාචාරයට හා ආචාර ධර්මවලට පටහැනිය.
     
    රටේ විවිධ ආගමික කණ්ඩායම් අතර සමඟියට බාධා වන ආකාරයෙන් නිවේදන හා කිසිදු පදනමකින් තොර වාර්තා පළකිරීමෙන් වැළකීම මාධ්‍යයේ වගකීමක් බව රජය අවධාරණය කරයි.
     
    එමෙන්ම, රටේ ජීවත් වන ජාතීන් හා ආගමික කොට්ඨාසයන් අතර වැරදි මත ව්‍යාප්ත කිරීමේ තොරතුරු ලබාදීමෙන් වළකින ලෙස රජය මහජනතාව වෙතින්ද ඉල්ලීමක් කරයි.  මෙහිදී පසුගිය දා සිදු වූ ඇතැම් සුළු සිද්ධීන් පවා තාක්ෂණය යොදා ගනිමින් විශාල සිද්ධි ලෙස පෙන්නුම් කිරීමේ තත්ත්වයක් පවත්නා බව පෙනී ගොස් ඇති බැවින් එවැනි කටයුතුවල නොයෙදෙන මෙන් රජය මහජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටී.
     
    එසේම, දැනුවත්ව වැරදි තොරතුරු සහ කටකතා පැතිරවීම නීතිමය වශයෙන්ද දඬුවම් ලැබිය හැකි වරදක් බව මෙහිදී පෙන්වා දෙනු ලැබේ.
     
    DB/PUB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya