අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත්ගම ‍පොලිස් බලප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය Featured

    ජූනි 15, 2014

    අලුත්ගම පොලිස් බලප්‍රදේශයට වහා ම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරිනීතිය අද (15) පස්වරු 6.45 සිට බලපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.


    ප්‍රදේශයේ ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වයක් නිසා සාමය ආරක්ෂා කිරීමට මෙම පියවර ගෙන තිබේ.


    පොලිස් ඇඳිරිනීතිය බල පවත්වන කාලය තුළ එම බල ප්‍රදේශයේ වීදිවල, මහාමාර්ගවල ගමන් කිරීම හෝ වාහන ගමනාගමනය ද එක්රැස්වීම් ද සිදු නොකළ යුතු ය. මෙම නීතිය කඩකරන්නන් මෙන් ම වාහන ද අත්අඩංගුවට ගැනීමට සිදුවන බවත් ඔවුන්ට එරෙහිව අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 10 වැනි පරිච්ඡේදය අනුව කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya