අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 දැයට කිරුළ මාතර කොටවිලදී

    ජූනි 09, 2014

    ගාල්ල, මාතර, හම්බන්තොට සහ රත්නපුර දිස්ත‍්‍රික්ක කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට නියමිත 2015 දැයට කිරුළ සංවර්ධන වැඩසටහනට සමගාමීව පැවැත්වෙන දැයට කිරුළ ප‍්‍රදර්ශනය මාතර කොටවිල අක්කර 144 කින් යුත් භූමි භාගයේ පැවැත්වීමට තෝරාගෙන තිබේ.

     

    ඊට අමතරව ප‍්‍රදේශයේ ජනතාවගේ දැඩි ඉල්ලීම හේතුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විශේෂ උපදෙස් මත අක්කර 24කින් සමන්විත මාතර මැද්දවත්ත මහින්ද රාජපක්ෂ විද්‍යාල භූමියේ ද දැයට කිරුළ ප‍්‍රදර්ශනයේ කොටසක් පැවැත්වීමට නියමිත ය.

     

    මේ පිළිබඳව මාතර දිස්ත‍්‍රික්කයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ‍්‍රවණාගාරයේදී අද (09) පෙරවරුවේ පැවැත්විණි.

     

    එහිදී මාතර දිස්ත‍්‍රික්කයේ දැයට කිරුළ වැඩසටහන පැවැත්වීමට අදාළව මූලික කරුණු සාකච්ඡා කරන ලද අතර ප‍්‍රදේශයේ දේශපාලන නායකත්වයේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ යෝජනා සහ අදහස් විමසීම සිදුකරන ලදි.

     

    මේ අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහත්වරුන් ප‍්‍රමුඛ ප‍්‍රදේශයේ දේශපාලන නායකත්වය සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

     

    DB/ TI Matara dmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya