අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කිහිපයක තැනින් තැන වැසි Featured

    ජූනි 10, 2014

    අද (10) දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන පරිදි අද පස්වරු 2.00 දක්වා දිවයින සහ අවට මුහුදු ප්‍රදේශවල නිරිත දිග මෝසම් සුළං විටින් විට පැ.කි.මී. 80 පමණ දක්වා වැඩි විය හැක.


    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල ද තාවකාලිකව තද සුළං ඇති විය හැක.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව කොළඹ, ගාල්ල, රත්නපුර, නුවරඑළිය සහ මහනුවරට විටින් විට වැසි ඇති විය හැක.


    මඩකළපුව, ත්‍රිකුණාමලය හා යාපනයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.


    මන්නාරමට තැනින් තැන වැසි ඇති විය හැකි අතර අනුරාධපුරයට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 මඩකළපුවෙන් හා ත්‍රීකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14 නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya