මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ නවතම සොයා ගැනීමකට සම්මාන Featured

    ජූනි 09, 2014

    ජලයෙන් නොතෙමෙන, කුණු නොරඳන බුද්ධිමත් අත් වැසුම්, නිෂ්පාදනය සඳහා ලොව ප‍්‍රථම වරට සිදුකළ පර්යේෂණයක් සඳහා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ නැනෝ තාක්‍ෂණික අංශයේ මහාචාර්ය ගාමිණි රාජපක්‍ෂ මහතා ඇතුළු කණ්ඩායමට පසුගියදා නේචර්ස් සීක‍්‍රට්ස් පර්යේෂණ සම්මානය හිමිවිය.

     

    මෙම සම්මානය ප්‍රදානය කරන ලද්දේ ශාකසාර රූපලාවන්‍ය සන්නාමය වන, නේචර්ස් සීක‍්‍රට්ස්, නිෂ්පාදනය කරන නේචර්ස් බියුටි ක‍්‍රියේෂන්ස් සමාගම මගිනි.දේශීය ව්‍යවසායකත්වය නංවාලීම සඳහා විවිධ අයුරින් අනුග‍්‍රහය ලබාදෙන නේචර්ස් බියුටි ක‍්‍රියේෂන්ස් සමාගම දේශීය සමාගමක් වේ. දේශීය ආර්ථිකය නඟා සිටුවමින් ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් බවට ශ‍්‍රී ලංකාව පත්කිරීම, නේචර්ස් සීක‍්‍රට්ස් හි ප‍්‍රමුඛ කාර්ය භාරයක් වේ.


    ශාක පර්යේෂණ කටයුතු සඳහා ම කැපවුණු පර්යේෂණ මධ්‍යස්ථානයකින්ද සමන්විත, නේචර්ස් සීක‍්‍රට්ස් සමාගම, ඉන් ඔබ්බට ගොස් දේශීය විද්‍යාඥයින් රටට වඩාත් ඵලදායී පර්යේෂණ සඳහා යොමු කිරීමේ අරමුණෙන්, වාණිජ වශයෙන් විශිෂ්ට වූත්, ප‍්‍රායෝගික වශයෙන් දේශීය ව්‍යවසායකයන්ට වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කළ හැකි භාණ්ඩ නිෂ්පාදනය කිරීමට යොදාගත හැකි වූත්, පර්යේෂණ කටයුතු නිමකරන විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්ඩායම්වලට රුපියල් 250,000ක් වටිනා මුදල් ත්‍යාගයක් පිරිනැමේ. මෙම වැඩසටහන 2010 වසරේ සිට ක්‍රියාත්මක වේ.
     

    2013 වසර සඳහා වන, නේචර්ස් සීක‍්‍රට්ස් පර්යේෂණ සම්මානය පිරිනැමීමේ අවස්ථාවට පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා ඇතුළු පීඨාධිපතිවරුන්, කථිකාචාර්යවරු සහ නේචර්ස් බියුටි කි‍්‍රයේෂන්ස් සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂ සමන්ත කුමාරසිංහ මහතා හා එම සමාගමේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ.



    2012 වසරේදී මෙම සම්මානය පිරිනැමුණේ බර ඉසිලීමේ ක‍්‍රීඩාවේදී සිදුවන වැරදි හඳුනාගන්නා අඩු මුදලින් නිෂ්පාදනය කළ හැකි නව තාක්‍ෂණ ක‍්‍රමවේදයක් නිර්මාණය කිරීම සඳහා සිදුකළ පර්යේෂණයක් සඳහායි.නේචර්ස් සීක‍්‍රට්ස් පර්යේෂණ සම්මානය සඳහා පර්යේෂණ කණ්ඩායමක් තෝරා ගැනීමේ ක‍්‍රියාවලියට නේචර්ස් බියුටි ක‍්‍රියේෂන්ස් සමාගම මැදිහත් නොවන අතර විශ්වවිද්‍යාල පාලන අධිකාරිය විසින් අනුගමනය කෙරෙන ක‍්‍රමවේදයක් හරහා එම තෝරා ගැනීම සිදු කරයි.



    පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ උප කුලපති විසින් පර්යේෂණ තේරීම් කමිටුව පත්කරනු ලබන අතර, විද්‍යා පීඨයේ පීඨාධිපති, පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂවරයා සහ තවත් සාමාජිකයන් කිහිප දෙනෙකුගෙන් එය සමන්විත වේ.පර්යේෂණ කණ්ඩායමට මහාචාර්ය/ආචාර්යවරයකු හෝ දෙදෙනකු සහ පශ්චාත් උපාධි අපේක්‍ෂකයකු හෝ කිහිප දෙනෙකු අයත් විය යුතු වේ.



    සම්මානය ලබා දෙන වර්ෂය තුළදී මාස 6ක් වත් අදාළ පර්යේෂණ කටයුතු සිදුකර තිබීම විශේෂයි.පර්යේෂණ කටයුතු පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය තුළ සිදු කළ යුතු අතර, එම පර්යේෂණයේ සොයා ගැනීම් වාණිජ වශයෙන් ක‍්‍රියාවට නැංවීම සඳහා ශ‍්‍රී ලංකාවේ ව්‍යවසායකයකු එය පිළිගැනීමද අනිවාර්ය වේ.



    සම්මානයේ මුදල් ත්‍යාගය වන රුපියල් 250,000 විශ්වවිද්‍යාලය හරහා ඍජුවම පර්යේෂණ කණ්ඩායමට ලබා දෙයි.අදාළ වර්ෂය තුළදී සම්මානය පිරිනැමීම සඳහා නිසි සුදුසුකම් ඇති පර්යේෂණයක් නොමැති නම් එම සම්මාන මුදල ඊළඟ වර්ෂයේදී ලබාදීමට අවධානය යොමු කරයි. ඒ අනුව ඉදිරි වර්ෂයේදී පර්යේෂණ දෙකක් සඳහා සම්මාන ලබාදීමට හැකියාව ඇත.



    යුරෝපයේ පිළිගත් GMP සහ ජාත්‍යන්තරව පිළිගත් ISO 9001 සහ ISO 14001 යන තත්ත්ව සහතිකයන් යටතේ ශ‍්‍රී ලංකාවේදී නිෂ්පාදනය කරන එකම දේශීය රූපලාවන්‍ය වෙළෙඳනාමය වන්නේ නේචර්ස් සීක‍්‍රට්ස් ය.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya