අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ධීවර කමිටුව රෝමයේ රැස්වෙයි

    ජූනි 09, 2014
    ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 31 වෙනි ධීවර කමිටුවේ ජාත්‍යන්තර සැසිවාරය අද (09) සිට ලබන 13 වෙනි දින දක්වා ඉතාලියේ රෝම නගරයේ පිහිටි ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධාන මුලස්ථානයේදී පැවැත්වේ.


    මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සහභාගි වන අතර අමාත්‍යවරයා ඊයේ (08) ඉතාලියේ රෝම නගරය බලා පිටත්ව ගියේය.

     

    ලෝක ධීවර කටයුතු ආශ‍්‍රිතව ප‍්‍රතිපත්ති සම්පාදනයේ හා කළමනාකරණයේ යෙදෙන මෙම ධීවර කමිටුව වර්ෂ 1965දී ලෝක ආහාර හා කාෂිකර්ම සංවිධානයේ 13 වැනි සැසිවාරයේදී පිහිටුවනු ලැබුවකි. මෙම කමිටුව මඟින් විශ්වීය අන්තර් රාජ්‍ය ඒකාබද්ධතාවක් ඇති කරමින්, ජාත්‍යන්තර ධීවර හා ජලජීවි ගැටලු විමර්ශනය කරමින්, නිරාකරණය කිරීමට පියවර ගන්නා අතර ධීවර කටයුතුවල යෙදෙන ලෝකයේ විවිධ රාජ්‍යයන්ට, ධීවර සංවර්ධනයට අවශ්‍ය නිර්දේශ හා උපදේශනාත්මක සහයෝගය ද ලබා දෙයි.

     

    ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 30 වැනි ජාත්‍යන්තර ධීවර කමිටු සමුළුවේදී ශ‍්‍රී ලංකාව සුවිශේෂි මෙහෙවරක යෙදෙමින් මුළු ලොවටම වටිනා යෝජනාවක් ගෙන එනු ලැබීය. එනම්, වර්ෂ 2011 දී ශ‍්‍රී ලංකාවේ පැවති කලාපයේ රටවල්වල අමාත්‍යවරු 15 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා ශාන්තිකර කලාපීය ආහාර සුරක්‍ෂිතතාව, පෝෂණය හා ආර්ථික සංවර්ධනය සඳහා ජලජීවී සංවර්ධනය පිළිබඳ අමාත්‍ය සමුළුවේදී ලෝක ජලජීවී වගා අරමුදලක් පිහිටුවීමට යෝජනා කෙරිණි. එය ‘ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ජලජීවී වගා විශ්ව අරමුදල‘ නමින් සම්මත කරගනු ලැබීය. මෙවර සැසිවාරයේදී මෙම මහින්ද රාජපක්‍ෂ ජලජීවි වගා විශ්ව අරමුදල ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙයි.


    මෙවර සැසිවාරය සඳහා අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ අමාත්‍යාංශ උපදේශක ආචාර්ය එස්. සුභසිංහ, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති ජයන්ත චන්ද්‍රසෝම, අමාත්‍ය පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න යන මහත්ම මහත්මීන් ද සහභාගී වනු ඇත.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya