අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කාලගුණය නිසා පවුල් 25,538ක් ආපදාවට Featured

    ජූනි 09, 2014

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද වන විට සබරගමුව, දකුණ, වයඹ, මධ්‍යම හා බස්නාහිර පළාත්වල පවුල්  25538ක පුද්ගලයින් 104,476ක් අවතැන්ව ඇති බව අද මධ්‍යහන 12ට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් නිකුත් කර ඇති දෛනික තත්ත්ව වාර්තාව මගින් පෙන්වා දෙයි.


    මෙම පළාත්වලින් මරණ 27ක්, තුවාල ලැබූවන් 09ක් වාර්තා වේ. ගංවතුර, පස් කඳු කඩාවැටීම්, දැඩි සුළඟ හා අකුණු ගැසීම් හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති අතර ඒ හේතුවෙන් නිවාස 288ක් පූර්ණ වශයෙන්ද, නිවාස 1364ක් අර්ධ වශයෙන්ද හානි වී ඇත.
     

    ඒ අනුව සබරගමුව පළාතේ පවුල් 5183ක පුද්ගලයින් 20,064ක් විපතට පත්ව ඇත. නිවාස 33කට පූර්ණ වශයෙන් ද නිවාස 205කට අර්ධ වශයෙන් ද හානි සිදුව ඇත. මෙම තත්ත්වයට දැඩි සුළඟ, අකුණු ගැසීම හා පස් කඳු කඩා වැටීම හේතුවී ඇත.


    දකුණු පළාතේ පවුල් 1487ක පුද්ගලයින් 6165ක් අවතැන් වී ඇත. නිවාස 118කට පූර්ණ වශයෙන්ද, නිවාස 459කට අර්ධ වශයෙන් ද හානි වී ඇත.
     
    බස්නාහිර පළාතේ පවුල් 18723ක පුද්ගලයින් 77585ක් අවතැන්ව ඇත. මරණ 20ක් හා තුවාල ලැබූවන් 07 දෙනෙකු වාර්තා වේ. මෙම  පළාතේ නිවාස 136ක් පූර්ණ වශයෙන්ද නිවාස 688ක් අර්ධ වශයෙන් ද විනාශ වී ඇත.වයඹ පළාත තුළ පවුල් 139ක පුද්ගලයින් 646ක් අවතැන්ව ඇත. එක් නිවාසයක් පූර්ණ වශයෙන්ද, නිවාස 06ක් අර්ධ වශයෙන් ද විනාශ වී ඇත.
     

    මධ්‍යම පළාතේ ද පවුල් 6ක පුද්ගලයින් 16ක් අවතැන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya