අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිවිල් ගුවන් සේවා අධිකාරියේ මත්තල කාර්යාලය අද විවෘත කරයි Featured

    ජූනි 09, 2014

    සිවිල් ගුවන් සේවා නියාමන කටයුතු මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිකරන ලද සිවිල් ගුවන් සේවා අධිකාරියේ මත්තල කාර්යාලය අද (09) සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.


    මත්තලට පැමිණෙන ගුවන් යානාවල සුරක්ෂිතතාව සහ නිරුපද්‍රිතතාව උපරිම අයුරින් පවත්වාගෙන යාම හා ගුවන් තොටුපොළ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය මෙම කාර්යාලය මගින් සිදු කෙරේ.මේ සඳහා සිවිල් ගුවන් සේවා පරීක්ෂකවරු එම කාර්යාලයට අනුයුක්ත කිරීමට ද අපේක්ෂිත අතර, මෙය ඉදිකිරීම සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය රුපියල් මිලියන 43ක් ආයෝජනය කර ඇත.
     

    මෙම විවෘත කිරීමේ අවස්ථාවට සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහභාගී වීමට නියමිත වේ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya