මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් පොත් දන්සලට පොත් ලක්ෂ සංඛ්‍යාවක් පරිත්‍යාග කරයි Featured

    ජූනි 09, 2014

    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ සංකල්පයක් අනුව මිහින්තලේ පැවැත්වෙන පොත් දන්සල සඳහා පොත් පරිත්‍යාග ලබා ගැනීමේ අවසන් දිනය වන අද (09) දිනයේදී ද පාසල් සහ අධ්‍යාපන කලාපවල පොත් පරිත්‍යාගයන් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත පිරිනැමීම අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරිණි. 


    දිවයිනේ නන්දෙසින් ලක්ෂ සංඛ්‍යාත පොත් පරිත්‍යාගයන් පිරිනැමෙමින් පවතින අතර දරුවන් තමන් එක්වරක් පාවිච්චි කළ අතිරේක කියවීම් පොත්, ළමා කතන්දර පොත්, පසුගිය ප්‍රශ්නෝත්තර පොත්, විෂය පොත්, සාහිත්‍ය  පොත් යනාදිය කිසිදු අයකිරීමකින් තොරව මිහින්තලයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත දරුවන් වෙත ලබාදීම මෙම පොත් දන්සලේ අරමුණ වේ. 

    පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පොත් පරිත්‍යාගයන් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා වෙත අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද භාරදුන් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

     

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya