අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලිය ලබා ගැනීමේ බාධක ඉවත් කිරීමට විදුලිබල පනත සංශෝධනය කළා Featured

    ජූනි 08, 2014

    විදුලිය මූලික අයිතිවාසිකමක් ලෙස සලකා සාමාන්‍ය ජනතාවට විදුලිය ලබා ගැනීමේදී පැවති බාධක ඉවත් කිරීමට විදුලිබල පනත පවා සංශෝධනය කිරීමට වත්මන් රජය ක්‍රියා කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

     

     
    අමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ පහළ පන්තියෙන් පැමිණි ප්‍රගතිශීලි නායකයකුගේ පාලනයක් නොතිබෙන්නට එවැනි ක්‍රියාමාර්ග ගැනීමට අවකාශ නොලැබෙන බවයි.
     

    අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව කියා සිටියේ රත්නපුර, කලවාන, ඉළුඹකන්ද, ගාලවත්ත විදුලි යෝජනාක්‍රමය පසුගියදා ජනතා අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.



    රුපියල් මිලියන 17ක වියදමින් ඉදිකරන ලද මෙම විදුලි යෝජනා ක්‍රමය මඟින් නිවාස 500කට පමණ විදුලිය සැපයේ.

     

    විදුලි ව්‍යාපෘතිය විවෘත කිරීමෙන් අනතුරුව උත්සව සභාව ඇමතූ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ, “මට විදුලිබල අමාත්‍යධූරය භාරදෙන මොහොතේ ජනාධිපතිතුමා කීවේ මේ වසර ඇතුළත දිවයිනේ සෑම නිවසකටම විදුලිය දීලා අවසන් කරන්න කියලා. මේක අභියෝගයක් බව මා තේරුම් ගත්තා. විදුලිබල මණ්ඩලයේ නිලධාරින්ට උපදෙස් දුන්නා මොන වෙර වීරිය දමලා හරි මේ වසර ඇතුළත හැම ගමකටම, සෑම නිවසකටම විදුලිය දෙන්න ඕන කියලා. ඒ අනුව අපි සැලසුම් සකස් කළා.
     

    අපිට ගැටලු කිහිපයක් තිබුණා. මෙතෙක් කාලයක් ක්‍රියාත්මක වුණේ විදුලිය ගමට පමණක් ගෙන යෑමයි. ඒත් නගරයෙන් ඈත ගම්වලට සමහර වෙලාවට විදුලිය ගියේ නැහැ. ජනාධිපතිතුමා සමඟ මම සාකච්ඡා කරලා මේකට විසඳුමක් ගෙනාවා. අපි විදුලි පනත සංශෝධනය කළා. ඒ අනුව සෑම ගමකටම විදුලිය යන්න ඕන. ඒ විතරක් නෙමේ ගමට ගිහින් විදුලිය නතර වෙන්න බැහැ. ගමේ තියෙන සෑම නිවසක් ඉදිරිපිටට ම විදුලි කණුවක් සිටුවන්න ඕන. විදුලිබල මණ්ඩලයේ වියදමින් ඒක දැන් ක්‍රියාත්මකයි. එතනින් නැවතුණේ නැහැ. ගේ ඉදිරිපිටට විදුලි කණුව හිටවපු තරමට ගෙවල්වලට විදුලිය යන්නේ නැහැනෙ. ඒ නිසා විදුලිය ලබා ගන්න ආර්ථික අපහසුතා තියන අයට සමෘද්ධිය හරහා රුපියල් 30,000.00 ක ණය ආධාර මුදලක් ප්‍රදානය කරනවා.


    එක පැත්තකින් සමෘද්ධියෙන් එහෙම වැඩපිළිවෙළක් යන අතරතුර ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක එකතුවෙලා අපි රුපියල් 40,000.00ක ණය ආධාර මුදලක් මාස 72ක් ඇතුළත ගෙවා නිම කිරීමේ පදනම මත හඳුන්වා දුන්නා. ඒ වැඩසටහන යටතේ නිවසට විදුලිබල සම්බන්ධතාව ගන්නත් පුළුවන්, නිවස වයරින් කර ගන්නත් පුළුවන්. මේ සංකල්පය නිසා අපේ ඉලක්කයට යන්න හැකිවෙනවා. රජයක් විදිහට අපි ජනතාවගේ පාර්ශවයෙන් තීරණ ගන්නවා”. යැයිද විදුලි බල හා බලශක්ති අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

    කලවාන ඉළුඹකන්ද විදුලි යෝජනාක්‍රමය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර, සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya