මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කන්කසන්තුරේ සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළට

    ජූනි 09, 2014

    අද (09) පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබඳ අනාවැකියට අනුව සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ. සුළං වේගය විටෙක පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැක.


    කන්කසන්තුරේ සිට පුත්තලම සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 70-80 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර දිවයින වටා වන අනෙක් මුහුදු ප්‍රදේශ ද විටින් විට තරමක් රළු විය හැක. ධීවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන මෙන් ඉල්ලා සිටී.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya