අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කාලගුණය නිසා පවුල් 25541ක් ආපදාවලට පත්වෙයි Featured

    ජූනි 08, 2014

    දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද වන විට සබරගමුවදකුණවයඹමධ්‍යම හා බස්නාහිර පළාත්වල පවුල් 25,541ක පුද්ගලයින්104,525ක් අවතැන්ව ඇති බව අද ප.ව.12.00ට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් නිකුත් කර ඇති දෛනික තත්ත්ව වාර්තාව මගින් පෙන්වා දෙයි.

     


     
    මෙම පළාත්වලින් මරණ 26ක්අතුරුදන්වීම් 01ක්තුවාල ලැබූවන් 09ක් වාර්තා වේ. ගංවතුරපස් කඳු කඩාවැටීම්දැඩි සුළඟ හා අකුණු ගැසීම් හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති අතර ඒ හේතුවෙන් නිවාස 294ක් පුර්ණ වශයෙන්දනිවාස 1851ක් අර්ධ වශයෙන්ද හානි වී ඇත.


     

    ඒ අනුවසබරගමුව පළාතේ පවුල් 5183ක පුද්ගලයින් 20064ක් විපතට පත්ව ඇත. නිවාස 33කට පූර්ණ වශයෙන් ද නිවාස 205කට අර්ධ වශයෙන් ද හානි සිදුව ඇත. මෙම තත්ත්වයට දැඩි සුළඟඅකුණු ගැසීම හා පස් කඳු කඩාවැටීම හේතුවී ඇත.

     

     
    දකුණු පළාතේ පවුල් ක 1466 පුද්ගලයින් 6084 ක් අවතැන්වී ඇත. නිවාස 116කට පූර්ණ වශයෙන්දනිවාස 440කට අර්ධ වශයෙන් ද හානි වී ඇත.


     
    බස්නාහිර පළාතේ පවුල් 18750ක පුද්ගලයින් 77718ක් අවතැන්ව ඇත. මරණ 19ක් හා තුවාල ලැබූවන් 08 දෙනෙකු වාර්තා වේ. මෙම  පළාතේ නිවාස 135ක් පූර්ණ වශයෙන්ද නිවාස 543ක් අර්ධ වශයෙන් ද විනාශ වී ඇත.වයඹ පළාත තුළ පවුල් 139ක පුද්ගලයින් 646ක් අවතැන්ව ඇත. නිවාස 01ක් පූර්ණ වශයෙන් ද නිවාස 06ක් අර්ධ වශයෙන් ද විනාශ වී ඇත.මධ්‍යම පළාත තුළ පවුල් 3ක පුද්ගලයින් 13ක් අවතැන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya