අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන වැය කළ යුතු අන්දම ගැන අගමැති උපදෙස් Featured

    ජූනි 08, 2014

    පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික සිද්ධස්ථාන සංරක්ෂණයට මිස අනෙකුත් කාර්යයන් උදෙසා මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන යොදවා නොගත යුතු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
     

    වෙනත් ස්ථාන ඉදිකිරීමට හා සංවර්ධනය කිරීමට විවිධ ආයතන තිබුණ ද, පුරාවිද්‍යාත්මක ස්ථාන රැක ගැනීමේ වගකීම මධ්‍යම සංස්කෘතික අරමුදලට පැවරෙන බව අග්‍රාමාත්‍යතුමා කීවේය.

    ඒ අනුව, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන යෙදවිය යුත්තේ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු සිද්ධස්ථාන, ස්මාරක හා පූජනීය ස්ථාන ආදී සියලු දේ රැක ගැනීමේ අරමුණින් යැයි පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩල රැස්වීමේ දී අග්‍රාමාත්‍යතුමා පැවසීය.  

    ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් එච්.ඩී.එස්. මල්කාන්ති යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් එම රැස්වීම පැවැත්විණ.‍ 
     

    මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන ඉන් බාහිර කටයුතුවලට යොදවා ගැනීම මගින් එම අරමුදලේ අරමුණු ඉටු නොවන බව අග්‍රාමාත්‍යතුමා කීවේය. ඒ නිසා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අරමුණු හා නිර්ණායක ඔස්සේ අරමුදලේ ප්‍රතිපාදන වියදම් කරන ලෙස අග්‍රාමාත්‍යතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 


    එම අරමුදල මගින් සිදු කරන සියලුම පුරාවිද්‍යාත්මක කැනීම් හා ප්‍රතිසංස්කරණ කටයුතු සෑම අදියරක්ම ඡායාරූපගත කොට සවිස්තරාත්මක වාර්තාවක් සකස් කළ යුතු බවත්, එමගින් අදාළ පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳ මහජනයාට පූර්ණ අවබෝධයක් ලබා ගැනීමේ හැකියාවක් ඇතැයි අග්‍රාමාත්‍යතුමා කීවේය.

     
    ඇතැම් පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳ එවැනි තොරතුරු හා වාර්තා නොමැතිවීම නිසා ජනතාව තුළ ඒ පිළිබඳ නිසි චින්තනයක් ඇති නොවන බව එතුමා කීවේය.
    මෙහිදී සීගිරිය පුරාවිද්‍යා පරිශ්‍රය තුළ ප්‍රථමාධාර කුටියක් ඉදිකිරීම, භාතිගමුව, ගුරුගොඩ රජමහා විහාරස්ථානයේ ඓතිහාසික විහාරාංග සංවර්ධනය කිරීම යන කරුණු පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya