අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කිහිපයකට දින නියම වේ

    ජූනි 08, 2014

    ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට නියමිත විභාග කිහිපයකට දින නියම කර ඇත.

     


    ඒ අනුව ප්‍රාචීන භාෂෝපාකාර සමාගමේ විභාග -2013(2014) ප්‍රාචීන පණ්ඩිත ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන විභාග මේ මස 15, 16, 17, 18, 19, 20, 21, 22 සහ 23 යන දිනයන් දී කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර 17කදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

     

    මේ සඳහා විභාග අයදුම්කරුවන් 3205 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව ශ්‍රී ලකා විභාග දෙපාර්තමේන්තුව පවසයි. 
     

    එමෙන් ම ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ 111 ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු හා දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 සඳහා 2014 මැයි 30 වැනි දින අංක 1865 දරණ ගැසට් පත්‍රය මගින් අයදුම්පත් කැඳවා ඇත. අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය මේ ජූනි 30 වැනි දා වේ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya