අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විභාග ගණනාවක ප්‍රතිඵල නිකුත් කෙරේ

    ජූනි 08, 2014
    ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද විභාග රැසක ප්‍රතිඵල නිකුත් කර ඇත.
     

     

    ඒ අනුව විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ සහකාර ලේකම්/ සහකාර ලේඛකාධිකාරී සහ සහකාර ගණකාධිකාරී/ සහකාර මූල්‍යාධිකාරී/ සහකාර අභ්‍යන්තර විගණක තනතුරුවලට බඳවා ගැනීම සඳහා වන ලිඛිත පරීක්ෂණ- 2013 (2014) විභාගයේ විභාග ප්‍රතිඵල, සභාපති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව, වෝඩ් පෙදෙස, කොළඹ වෙත  පසුගිය 29 වැනි දින නිකුත් කර ඇත.


    ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාලගුණවිද්‍යා නිරීක්ෂක/ සන්නිවේදක තනතුරු සඳහා පුහුණු කිරීමේ ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය 2013 (2014) කාලගුණවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 වෙත පසුගිය පසුගිය 30 වැනි දින ප්‍රතිඵල නිකුත් කර ඇත.


    එමෙන් ම සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ 11 පන්තියේ 11 ශ්‍රේණියේ කීට විද්‍යාඥ තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය 2013 (2014), ලේකම්, රාජ්‍ය සේවා කොමිසම් සභාව, අංක 177, නාවල පාර, නාරාහේන්පිට, කොළඹ 05 වෙත මේ මස 04 වන දින ප්‍රතිඵල නිකුත් කර තිබේ.


    විගණක පරීක්ෂක සේවයේ 11 වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2013 ඔක්තෝබර් (2014)  ප්‍රතිඵල පසුගිය 30 වනදා, විගණකාධිපති, විගණකාධිපති දෙපාර්තමේන්තුව, අංක 306/72, පොල්දූව පාර, බත්තරමුල්ල වෙත නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya