අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිවිල් ගුවන් සේවා අධිකාරියේ මත්තල කාර්යාලය 09 වැනිදා විවෘත කෙරේ Featured

    ජූනි 08, 2014

    සිවිල් ගුවන් සේවා නියාමන කටයුතු මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිකරන ලද සිවිල් ගුවන් සේවා අධිකාරියේ මත්තල කාර්යාලය ලබන 09 වන දින සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.


    ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය සමඟ සහයෝගයෙන් ක්‍රියා කරමින් එම ජාත්‍යන්තර ප්‍රමිතීන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ වගකීම සිවිල් ගුවන් සේවා අධිකාරියට පැවරේ. ඒ අනුව මත්තලට පැමිණෙන ගුවන් යානාවල සුරක්ෂිතතාව සහ නිරුපද්‍රිතතාව උපරිම අයුරින් පවත්වාගෙන යාම හා ගුවන් තොටුපොළ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය මෙම කාර්යාලය මගින් සිදුකෙරේ.
     

    සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ උපදෙස් මත, එම අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය රුබේරු මහතාගේ මග පෙන්වීම යටතේ මෙන්ම සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ජෙනරාල් රොහාන් දළුවත්ත මහතාගේ අධීක්ෂණය හා සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි මහතාගේ මෙහෙයවීමෙන් මත්තල සිවිල් ගුවන් සේවා අධිකාරී කාර්යාලයේ කටයුතු ක්‍රියාවට නැංවේ.


    මේ සඳහා සිවිල් ගුවන් සේවා පරීක්ෂකවරු එම කාර්යාලයට අනුයුක්ත කිරීමට ද අපේක්ෂිත අතර, මෙය ඉදිකිරීම සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය රුපියල් මිලියන 43ක් ආයෝජනය කර ඇත.


     මෙම විවෘත කිරීමේ අවස්ථාවට සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගී වීමට නියමිත වේ.

     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya