අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුරින් අවතැන් වූ අගලවත්ත ජනතාවට අගමැතිගෙන් වියළි සලාක

    ජූනි 08, 2014

    ගංවතුර හා පස් කඳු කඩා වැටීමෙන් අවතැන් වූ කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව වෙත වියළි සලාක පිරිනැමීම අග්‍රාමාත්‍ය, ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණ. 

     

    දැඩි වර්ෂාව නිසා ගංවතුර, නාය යෑම් සහ පස් කඳු කඩා වැටීම් හේතුවෙන් අගලවත්ත ප්‍රදේශයේ පවුල් විශාල ප්‍රමාණයක් අවතැන් වූහ. එහිදී මරණයට පත්වූවන්ගේ ඥාතීන්ගේ සුවදුක් විමසූ අග්‍රාමාත්‍යතුමා, ඔවුනට අවශ්‍ය පහසුකම් සලසන ලෙස එහිදී අදාළ නිලධාරීන් වෙත උපදෙස් දුන්නේය. 

     

    වැවිලි කර්මාන්ත අමාත්‍ය, මහින්ද සමරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අගලවත්ත ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී මෙම වියළි සලාක බෙදාදීම සිදු කෙරිණ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya