අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 දී සරසවිවලට බඳවා ගැනීම තවත් 1500කින් ඉහළට Featured

    ජූනි 06, 2014

    පාසලේ තාක්ෂණවේදී විෂය හදාරණ දරුවන්ට විශ්වවිද්‍යාලයේදී විද්‍යා තාක්ෂණය සඳහා 2016දී අලුතින් උපාධියක් අරඹා ඇති බවත් 2016 වන විට 1500කට වැඩි පිරිසක් අලුතින් විශ්වවිද්‍යාලයට බඳවා ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.


    මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව වසා ඇති පාසල් 500ක් විවෘත කළා. විද්‍යා අංශයෙන් අධ්‍යාපනය නොලැබූ පාසල් ගණන විද්‍යා අංශ ආරම්භ කළ බව පැවසූ අමාත්‍යවරයා පාසල් යාමේ අනිවාර්ය වයස අවුරුදු 16 දක්වා වැඩි කළ බවත් නිදහස් අධ්‍යාපනයේ වැඩිම මුදලක් ආයෝජනය කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ බවත් පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (06) කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන Future Minds - 2014 ජාතික අධ්‍යාපනික හා වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.


    මේ රටේ විභාග ක්‍රමයට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමා කිසිසේත්ම මැදිහත් වී නැති බවත් තමා සිටින තුරු කිසිවෙකුටත් විභාග ක්‍රමය දේශපාලනීකරණය කිරීමට ඉඩනොදෙන බවත් ඔහු පැවසීය.

    අද්‍යතන ලොව දූපත් මානසිකත්වයෙන් මිදී මේ ලොව දකින්නට ඇති ඉඩ ප්‍රස්ථාව විවිධ දේශපාලන න්‍යායපත්‍ර කඩා බිඳ දමමින් ඉදිරියට යන්න මේ දරුවන්ට හැකියාවක් පවතී. ලොව විශ්ව ගම්මානයක් බවට පත්වෙමින් තිබෙන අවස්ථාවක දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ දරුවා ලබන අධ්‍යාපනය අනුවයි. මේ අධ්‍යාපනයට පොඩි හෝ වැරැද්දක් කරන එක දස දහස් ගණනක දරුවන්ගේ ජීවිත විනාශ විය හැකි බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. තමන්ගේ කුමන න්‍යායපත්‍රයක් තිබුණත් මේ රටේ විභාග ක්‍රමය දේශපාලනීකරණය කර හෝ 
    විද්වතුන්ගේ ක්‍රියාවලියකට යටත් කර කඩාකප්පල් නොකරන ලෙස ඉල්ලා සිටි අමාත්‍යවරයා 1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනත අනුව මේ ගැන ක්‍රියාකරන්න අධ්‍යාපන ඇමතිවරයා ලෙස තමා නීතියෙන් බැඳී සිටින බව ද පෙන්වා දුන්නේය.

    විභාල ප්‍රශ්නපත්‍ර සැකසීම, වෙනස් කිරීම හා ඒ කටයුතු කරන්නන්ගේ විනය පවත්වාගෙන යාම ආදිය පිළිබඳ ස්වඅභිමතය පරිදි විභාග කොමසාරිස් ජනරාල්ට විභාග පනතින් බලය පැවරී ඇත. එය කිසිවෙකුටවත් ප්‍රශ්න කළ නොහැකියි. මහජන විශ්වාසය රකින්න, දේශපාලන බලපෑම් නැතුව කටයුතු කරන්න ඔහුට පනතින් පැවරී ඇත. වර්තමානයේ විභාග ප්‍රශ්නපත්‍ර සැකසීම ගැන ඇති වූ ගැටලුව ප්‍රශ්නපත්‍ර සකසන විද්වතුන් කිහිපදෙනකු ඉවත් කිරීම නිසයි. ලක්ෂ ගණන් දරුවන්ගේ විභාග ක්‍රමය කඩාකප්පල් කරන්න ජීවිතය අඳුරු කරන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට අනුව කටයුතු කරන්න නොදෙන බව ඔහු කීය.


    දරුවන්ට ජීවිතය ලැබෙන ලෙස විභාග ක්‍රමය වෙනස් කළ යුතුයි. මේ විභාග ක්‍රමය කඩාකප්පල් කළොත් අන්ත අසරණ දරුවන්ගේ අනාගතය කඩා වැටෙනු ඇත. අධ්‍යාපනය දුප්පතුන්ගේ නිත්‍ය උරුමය කළ හැක්කේ මහින්ද රාජපක්ෂ යුගයේ පමණයි. වෙනක් කිසිදු රජයකට එසේ කළ නොහැකි බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya