අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනපුරා ධාවනය කෙරෙන පාසල් ළමුන් ප‍්‍රවාහන රථ නියාමනය කිරීමට පියවර

    ජූනි 06, 2014

    පාසල් ළමුන් ප‍්‍රවාහන රථ හිමියන්ගේ ආර්ථිකය ශක්තිමත් කොට ආරක්ෂාකාරී ප‍්‍රවාහන සේවාවක් දරුවන්ට ලබාදීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා පවසයි.

    දිවයිනපුරා ධාවනය කෙරෙන පාසල් ළමුන් ප‍්‍රවාහන රථ නියාමනය කර පොදු ප‍්‍රතිපත්තියක් යටතේ කි‍්‍රයාත්මක කිරීම සඳහා සොයා බැලීමේ අරමුණින් පත්කළ කමිටුවේ ප‍්‍රථම රැස්වීම ඊයේ (05) පෙරවරුවේ අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවති අවස්ථාවට එක්වෙමින් ලේකම්වරයා මේ බව පැවසීය.

    පාසල් ළමුන් ගේ ප‍්‍රවාහන සේවාව විධිමත් කිරීමේ අරමුණින් පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරයා ප‍්‍රමුඛ 14 දෙනෙකුගෙන් යුත් මෙම කමිටුව පසුගියදා පත්කරනු ලැබීය.ඊයේ දින රැස් වූ මෙම කමිටුව විසින් පාසල් ළමුන් ප‍්‍රවාහනයේ වර්තමාන තත්ත්වය, මුණපා ඇති ගැටලු මෙන්ම එම ගැටලු සඳහා ලබාදිය හැකි විසඳුම් සම්බන්ධයෙන් මුලික වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ. පාසල් ළමුන් ප‍්‍රවාහනයේදී යෝග්‍ය නොවන වාහන භාවිතය, දරුවන්ගේ ආරක්‍ෂාව, දරුවන් වෑන් රථ තුළ අනවශ්‍ය ලෙස අධික කාලයක් ගත කිරීම, ප‍්‍රමාණයට වඩා දරුවන් රැගෙන යාම, අවිධිමත් අයකිරීම් යන මුලික කරුණු සම්බන්ධයෙන්ද මෙහිදි අවධානය යොමු කෙරිණ.

    පාසල් වෑන් රථ වල පිටස්තර පුද්ගලයින් ගමන් කිරීම මෙන්ම භාණ්ඩ රැගෙන යාමද, පාසල පවත්නා කාලය තුළදී දරුවන් වෑන් රථයේ රඳවා තැබීම, පාලිකාව රථයේ ඉදිරිපස ගමන් කිරීම ආදී කරුණු ළමුන්ගේ අනාරක්‍ෂිත භාවයට හේතුවී ඇතැයිද මෙම කමිටුවේදී අවධාරණය කෙරිණ. එබැවින් දෙමවුපියන්ට, වාහන හිමිකරුවන්ට, රියැදුරන්ට මෙන්ම පාලිකාවන්ටද සිය වගකීම නිවැරදිව අවබෝධ කර දීම නියාමන ආයතනවල වගකීම වන බවද මෙහිදී අවධාරණය කෙරිණ.

    කමිටුව මෙම මස 11 වන දින යළි රැස්වීමට නියමිත අතර, කමිටුවේ අවසන් වාර්තාව ජුලි මස 31 වන දිනට ලබා දීමට නියමිතව ඇත. මහජනතාවටද සිය යෝජනා හා අදහස් පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශයට යොමු කරන ලෙස අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya