මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණවිරුවන් අනුස්මරණය කිරීමේ කතෝලික ආගමික පූජෝත්සවය Featured

    ජූනි 06, 2014

    ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණ විරුවන් අනුස්මරණය කිරීමේ කතෝලික ආගමික පුජෝත්සවය, ඊයේ (05) සවස තිඹිරිගස්යාය ශාන්ත තෙරේසා කතෝලික දේවස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක සහභාගිත්වයෙන් පැවැත්වුණි.

    ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම කතෝලික ආගමික පුජෝත්සවය මගින් පසුගිය යුද සමයේ තම මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා සෙබළුන් මෙන්ම සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් සිහිකර යාඥා කිරීම, සක්‍රීය සේවයේ යෙදී සිටින රණ විරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් මෙන්ම කඳවුරු ඒකකයන් වෙත ආශිර්වාද කිරීම මෙහිදී සිදු විය.

    මෙම දේව මෙහෙය සඳහා ගුවන් හමුදා අධ්‍යක‍්ෂ මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන් ඇතුළු මිය ගිය රණ විරු පවුල්වල සාමාජිකවරු ද සහභාගී වූහ.

     

    ECB

    air2

    air3

    air4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya