අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය කඳවුරු ඉවත් කරන්නේ නෑ

    ජූනි 05, 2014

    රටේ ආරක්ෂාව සඳහා ඉතා වැදගත් හා අත්‍යවශ්‍ය හමුදා කඳවුරු එම ස්ථානවලින් ඉවත් කිරීමට කිසිදු අදහසක් නැති බව කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍ර‍යේ අධ්‍යක්ෂ, මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා අද (05) පවසා සිටියේය.


    1995 වර්ෂයේ ආරම්භ කරන ලද අච්චුවේලි හමුදා කඳවුර එම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා ඉතා වැදගත් හා අත්‍යවශ්‍ය කඳවුරක් බවත් එනිසාම එම කඳවුරට අයත් භූමි ප්‍රදේශය එම කඳවුරට භාරදෙන ලෙස කරන ලද ඉල්ලීම සලකා බලා ඉඩම් දෙපාර්තමේන්තුව විසින් එම ඉඩමේ මැනුම් කටයුතු කරන අවස්ථාවේදී එහි කොටසකට හිමිකම් කියන පිරිසක් විසින් එයට විරෝධය දක්වන ලද බව පැවසූ මාධ්‍ය අධ්‍යක්ෂවරයා මෙම කාර්යය ඉඩම් දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද්දක් බවත් පවසා සිටියේය. ඉඩම් දෙපාර්තමේන්තුව විසින් මෙහිදී 1950 ඉඩම් පවරා ගැනීමේ පනතට අනුව ක්‍රියා කරනු ඇති බවද වනිගසූරිය මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.


    එසේම පේදුරු තුඩුවේ ඇති ඩික්කම් හමුදා කඳවුරද එල්.ටී.ටී.ඊ. කඳවුරක්ව තිබී ආරක්ෂක හමුදාවන් විසින් අල්ලා ගන්නා ලද කඳවුරක් බව ප්‍රකාශ කළ රුවන් වනිගසූරිය මහතා එකී කඳවුරද එම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා ඉතා වැදගත් හා අත්‍යවශ්‍ය කඳවුරක් බවත් එනිසා එකී කඳවුරද ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැති බවත් එහිදී පවසා සිටියේය.


    එසේ වුවද ලුනාවිල් ප්‍රදේශයේ ඇති හමුදා කඳවුරෙහි පැවැත්ම තවදුරටත් අත්‍යවශ්‍ය නොවන බව පෙනී යන හෙයින් එම කඳවුරෙහි සිටින භට පිරිස් සඳහා අවශ්‍ය ඉදිකිරීම් ප්‍රධාන කඳවුරෙහි සිදු කිරීමෙන් පසුව තව මාස දෙකක පමණ කාලයකින් එකී කඳවුර ඉවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනු ලබන බවද මාධ්‍ය අධ්‍යක්ෂවරයා විසින් අවධාරණය කළේය.

     

    HC/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya